22

971 180 9
                                    

හැන්දෑවෙ පත්තු කරපු ඉටිපන්දම් වල මලානික එලිය විතරක් අන්තිමට ඉතුරු උනා..මළ ගෙදරට ආපු එකා දෙන්නා යන්න ගිහින් පණ යන්න ඔන්න මෙන්න උනත් තාමත් ඇවිලෙන ඉටිපන්දන් ටිකත් මාත් තවත් කීප දෙනෙකුත් ඉතුරු උනා..ඒ කීප දෙනා කව්ද කියන්න තරම් නිනව්වක් මට නෑ ..වෙනදට කොච්චර පුර්සාරන් දෙඩෙව්වත් අදුර වැටුනට පස්සෙ කනත්ත පහු කරනකොට ඉතිපිසෝව මුමුණන මම අද අප්පච්චිගෙ වල බදාගෙන ඉතිපිසෝව ත් අමතක කරලා තිබුනා..

ඉර අහසට නැග්ගා ආයෙමත් බැහැලා ගියා...ඒත් මගෙ මුලු ජිවිතේම මගෙ ආත්මයම මගෙ හිතම අන්ධකාරේ ගිලිලා තිබ්බා..

හත් දොහ පහු වෙනවත් එක්කම මන් රොබෝ කෙනෙක් ගානට වැටිලා තිබ්බා..

" හේම මෙනාර "

සුද්දගෙ පන්තිය ටීචර් නම කියනකොට මන් නැගිටලා ටීච ලගට ගියා..

සුදු දිග කලිසමට සුදු ශර්ට් එක ඇදගෙන හිටපු මන් දිහා මිස් උඩ යටටත් යට ඉදලා උඩටත් බැලුවා..

"වැඩිහිටියෙක් ආවෙ නැද්ද පුතේ "
ඉස්කෝලෙ ඇඩ් මිශන් සයින් කරලා යුනිෆෝම් එකෙන්ම පේරන්ට්ස් මීටින් එකට ආපු මගෙන් මිස් ඇහුවා..

"සොරි මිස් පොඩ්ඩක් පරක්කු උනා "
මගෙ පිටිපස්සෙන් හුරු පුරුදු ගැඹුරු කටහඩක් ඇහෙනකොට මිස් වගේම මමත් හැරිලා බැලුවා..

" මේ එතකොට " මිස් මා දිහත් හුරුපුරුදු ආගන්තුකය දිහත් මාරුවෙන් මාරුවට බලන ගමන් ප්‍රාශ්නාර්තයක් ඉතිරි කරා ...

" මන් හේමගේ පොඩි අයියා " එයා උත්තර දුන්නා..

ශෙනාල් මන්ධාර අබේගුණවර්ධන කවදා ඉදලද හේම මෙනාර විතානාරච්චි ගෙ පොඩි අයියා උනේ..

මගේ හිත මගෙන්ම ඇහුවා..

" මල්ලිගෙ ස්කෝලෙ වැඩ ගැන මීට වඩා ටිකක් උනන්දු උනා නම් හොදයි මිස්ටර් .."

මිස් අයියගෙ මූණ බැලුවා ..

" ශෙනාල් "

අන්තිමට රිපොට් එකයි සුද්දවයි අරගෙන පන්තියෙන් එලියට බහිබකොටම චේතන එලියේ හිටන් හිටියේ මූණ දෙක කර ගෙන

"ඔහ් බබා !! කොහෙද මෙච්චර වෙලා හිටියේ "

උත්තර නොදීම අහක හිටපු මටත් ගස්සගෙන චේතනයා අපිට ඉස්සර වෙලා යන්න ගියා..

ඒක දිග කතාවක් Where stories live. Discover now