30

885 171 14
                                    

සුද්දට කවා ගන්න පුලුවන් උනේ එක පාන් පෙත්තක් විතරක් වෙනකොට කිරි එක පොවලා යශෝදර ත් නොකාම කාමරේට ගියා..

"මොකො උනේ " කෑම මේසෙ වාඩි වෙන ගමන් ශේනු අහනවා ..

" පොඩි එකාට අප්පච්චි මතක් වෙලා "

අනෙ මන්දා මේ යන විදිහට ගියොත් නම් යශෝදර හුලගක් හැමුවත් ගහගෙන යන සයිස් ..

"හ්ම්ම් ..එකාතකට පව් බන් ..ආර්‍යනුත් මාරම ස්ට්‍රෙස් එකක ඇත්තෙ ඔය නොපෙන්නුවට .."

ශේනු කියද්දි චේතනත් මුකුත් නොකියම පිගාන දිහා බලන් උන්නා..

"ඔයා කන්න චේතන ..එයාට මන් කෑම වහලා තියන්නම් ..නැගිට්ටාම කන්න "

කොල්ලා කොහොමත් ආයෙත් පාන්දර 12:30 ට වගේ නැගිටිනවා පාඩම් කරන්න චේතන නිදා ගන්නෙත් ඒ වෙලාවට තමයි..

" හෙට සුද්දා වත් එක්ක ගෙන චූටි ලහ ගිහින් එන්න බැලුවෙ අයියේ "

" ම්ම් "

"මේ දෙන්නව ක්ලාස් එකෙන් ගන්නවද අයියා .."

"හ්ම්"

"අද නම් මාර මහන්සි  ..මාත් නිදා ගන්න යනවා " කාලා ඉවර වෙලා චේතනත් නැගිටලා උඩට ගියා..ඔය ගියාට කොල්ල ඉන්නෙත් මල්ලිගෙ කාමරේම තමයි..

"යමන් බන් මේවා හෙට හෝදමු " ශේනු කියලා  හෝදන්න තියන පුගන් ඔක්කොම එකතු කරලා සින්ක් එකෙන් දැම්මා..

මන් සල්සා පැකට් එකත් අරන් ගිහින් යශෝදර ගේ ටේබල් එක උඩින් තියලා දෙන්නට බෙඩ් ශීට් එකත් පොරවලා මගේ කාමරේට ගියා..

මේ කරුමක් කාර ඔලුව කැකුම ආයෙමත් හැදුනනේ..දවස් දෙක තුනක් තිස්සෙ රිදෙන නල්ල දෙපැත්ත ඇගිලි තුඩු වලින් තෙරපන ගමන් මන් ඇදට වැටුනේ ..හෙට නම් යශෝදර එක්ක මේක කතා කරලා දෙකෙන් එකක් බේර ගන්න වා කියලා හිතාගෙන ..

හ්ම්ම් හෙට දිග දවසක් වේවී..එලියෙ හීනියට වැහිපොදක් යන සද්දෙ අහගෙනම මන් ඇස් පියා ගත්තා..ඒත් හිතන තරන් ඉක්මනට නම් මට නින්ද ලගා උනේ නෑ ..නිදා ගෙන ඉන්න කොට්ටෙ රත් වෙලා වගේ දුන්න තැන කොට්ටෙ අනිත් පැත්ත හැරෙව්වම නම් මාර සනීපයක් දැනුනේ..ඒත් විනාඩි කිහිපයකට පස්සෙ ඒ පැත්තත් රත් වෙනකොට කීප සැරයක්ම කොට්ටෙ එහෙ මෙහෙ හරවපු මම අන්තිමට කකුල් දාන පැත්තට ඔලුව දාලත් නින්ද හොයාගන්න බැරි උනා..මට නිකන් හෙම්බත් වෙලා වගේ හැගීමක් දැනුනේ..කීයට කොයි වෙලේ නින්ද ගියාද කියන්න මන් වත් දන්නෙ නෑ ..

ඒක දිග කතාවක් Where stories live. Discover now