27

864 176 14
                                    

මන් හිටියේ ඇදේ වෙලාව නම් දහයට වගේ ඇති..මන් කල්පනා කලා අද දවස ගැන අහම්බෙන් හම්බුන ආඩම්බර කාරයා ගැන ..පරිස්සමට ගෙදර ගියාද දන්නෙ නෑ ..මට ඒ කොල්ලා ගැන තිබ්බෙ මොන වගේ හැගීමක් ද කියන්න මම ඇත්තටම දන්නෙ නෑ  ..ඒකට මට නමක් දෙන්න ඕනෙත් නෑ..මට ඕන උනේ එයා දිහා බලන් ඉන්න ..එයා එක්ක කතා කරන්න ..හේතුවක් දන්නෙ නෑ මට දැනුනේ ඒ කොල්ලා පේන මානෙක හිටියත් මාව නිවෙනවා වගේ..අඩුම තරමේ යාලුවෙක් වත් වෙන්න තිබ්බා නම් ..ජීවිතේ පලවෙනි වතාවට මට යාලුවෙක් හදා ගන්න ඕනා කියලා හිතුනා..ඒක ටිකක් විකාරයි ත් වගේ ..මට වඩා අවුරුදු 13 ක් බාල කොල්ලෙක්ව මගේ යාලුවෙක් කර ගන්න ඕනායි කියලා හිතන එකත් ..

බෲස් බෲස්

මගේ කල්පනාව බිදලා දැම්මේ පෝන් එකට ආපු මැසේජ් එකක්

Chuuti
'Ee sago mee '

චූටියා මොකද මේ ..

Me
  ' Ai  '

Chuuti
@ aryan_yr_

Me
   ' ? '

Chuuti

   ' arayage instagram user name eka sagoor '
   ' 👉👈'

යකෝ මේ කොල්ලා කොහෙන්ද මේක හොයාගෙන තියෙන්නෙ .ඒත් මන් instagram  නෑනෙ ..

Me
' mm thanks '

මන් පෝන් එක පපුව උඩ තියාගෙන කලුවරේම හිස් සිවිලිම දිහා බලන් හිටියා..
යූසර් නේම් එකත් හම්බුන එකේ නොබලත් බෑ වගේ ..

මන් තකහනියක් ඉන්ස්ටගෑම් ඩව්න්ලෝඩ් කරා ..කරා කිව්වට තාම ඩව්න්ලෝඩින් ..මේ කොලපාට රවුම ඉක්මනට පිරෙන්නෙත් නෑ ...කොහොම හරි විනාඩි පහලවක් වගේ ගියා ඩවුන්ලෝඩ් කරලා මට එකව්න්ට් එකකුත් හදා ගන්න ..මන් සර්ච් කරලා බැලුවේ  චූටි එවපු යූසර් නේම් එක ..මේ කොල්ලත් කොහොම හොයාගෙනද මන්දා..

ඒක තිබ්බෙ පබ්ලික් අකවුන්ට් එකක් විදියට .ප්‍රොෆයිල් එක අස්සට ගියාට පස්සෙ මට තේරුනා චූටි කොහොම ද ෆ්‍රොපයිල් එක හොයා ගන්න ඇත්තෙ කියලා ..එයාගෙ අන්තිම අප්ඩේට් එක තිබ්බේ ඊයේ පනසල් ගියපු කිට් එකෙන් අයිස් කොෆි එකක් අතේ තියන් .හැබැයි බෙල්ලෙන් යට විතරයි ඔලුව නෑ ..තවත් පොටෝස් කිහිපයක් දාලා තිබ්බත් ඒ හැම එකකම බෙල්ලෙන් උඩ නෑ ..බෙල්ලෙන් උඩ තිබ්බත් මූන කවර් වෙලා ..මන් පොටොස් එකින් එක බල බලා පහලට ගියා..සැලකිය යුතු ෆලෝවස්ලා ගානක් ලයික් ගානක් තියෙනවා හැබැයි ..කොල්ලත් හෙන ගනන් වගේ කමෙන්ට් එකකටවත් රිප්ලයි කරලත් නෑ ..

ඒක දිග කතාවක් Where stories live. Discover now