76/2

850 142 27
                                    

18+ සිදුවීම් අන්තර්ගත බැවින් එවැනි සිදුවීම් වලින් අපහසුතාවයන්ට පත් වන හෝ කියවීමට අකමැති අය කියවීමෙන් වලකිනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .

අපි එදා ලංකාවට ආවා. අපිව ගන්න එයාපෝට් එකට ශේන් අයියයිචේතයි ඇවිත් හිටියා . චූටි නෙතා බෝලෙත් හිටියා .

අපි මාමලගෙ ගෙදරට ගියාට මොකද මාමා නම් ගියේ ගෙදර නෙවේ.. ලංකාවට පය තිබ්බ ගමන් ගියා රෝන්දෙ ගහන්න  .

"බබා !! ඔහොම ඉන්න මන් ඔයාව එක්ක යන්නම් "

පැසෙන්ජර් ශීට් එකේ හිටිය චේතා දොර අරිනකොට ශේන් අයියා කිව්වා ..ඒ මොකත ඒ ..අයියා අපේ එකාට ඇවිදින්න බැරි වෙන්නම වැඩේ දීලද .

මන් දොර ඇරගෙන එලියට එනකොටම වගේ තමයි ශේන් අයියා අරූවඑලියට ගත්තේ  .. අප්පට සිරි අපේ එකා අන්ඩක් කඩාගෙන නේද ..

"මේ මොකද " මන් ඇහුවා නෙවේ ඇහුනා . ඩිකිය ඇරගෙන බඩු එලියට ගන්න ගමන් හිටපු ශේශාන් මන් දිහා බලලා ආයෙම එයාගෙ වැඩේ කරනකොට චේතා පොඩි හිනාවක් දැම්මා .

"කකුල පොඩ්ඩක් උලුක්කු උනානේ බන් "

"හොද පොඩ්ඩ...උලුක්කු උනා .. " ශේන් අයියා නිකන් තරහා ගිය ටෝන් එකකින් කිව්වා .

"හරියට කියපන් මොකද්ද උනේ කියලා " මන් ආයෙමත් ටිකක් සැරෙන් ඇහුවා .

"නෑ බන් මේ පඩි පෙලෙන් වැටුනා " අරූ ඇහෙන නෑහෙන ගානට කිව්වා..

"ඉතින් ඇයි යකෝ මට කිව්වෙ නැත්තේ " මන් පුදුම වෙලා ඌ ගාවට යන ගමන් කිව්වත්

"කියන්න තිබුනා උබ ව හොයන්න ගිහින් මූ වැටුනේ නැත්තන් "

"මොකද්ද "

"මොකද්ද තමයි ..උබ අර අතුරුදහන් වෙලා පිස්සුවක් කෙලියේ ..එදා මෙන්න මූ ඒක අහලා කලබලේට උබව හොයන්න  යන්න හදලා තමයි පඩිපෙලේ රෝල් උනේ .. අනිකා අර .."

"ශේනු ඇති " 

ශේශාන් ගේ උස් හඩට ශේන් අයියා කට වහගෙන ආයෙම ගෙට යන්න ගියා . කවදාවත් නැතුව ශේන් අයියට තරහා ගිහින්   . එක අතකට සාධාරණයි . චේත් කියන්නෙ අයියගෙ වටිනම දේ වෙනකොට මන් නිසා එහෙම දෙයක් උනාම අනික චේත විතරක් නෙවෙයි ශේශාන් අයියටත් තුවාල වෙලා තිබුනම .. ශේන් අයියටයි කියලා ඉන්න වටිනම මිනිස්සු දෙන්නට එහෙම වෙන්න හේතුව ඉස්සරහා පිට හිටන් ඉන්නකොට ඒකත් මොකුත් නොදන්න ගානට එයාට ඉන්න බෑ .. තරහා යන එක සාධාරණයි . මගේ පැත්තෙන් මන් සාධාරණයි වගේම එයාගෙ පැත්තෙනුත් එයා සාධාරණයි .

ඒක දිග කතාවක් जहाँ कहानियाँ रहती हैं। अभी खोजें