64

753 137 47
                                    

"ඔය මොන බොන්ඩ් එක තිබුනත් වැඩක් නෑ උබට ඌට ලමෙක් දෙන්න බෑ නේ ද "

"මගේ ඉවසීමේ සීමාව .. ඒකට පින් දියන් ගෑනියේ ... දරුවගෙ ඩෑඩ් නිලේශ් නෙවේ කියලා දන්නවා වගේම උබ ඒකිගෙ අම්මත් නෙවෙයි කියලා හොදටම දන්නවා ඇතිනේ ...

ඒ හින්දා උඹ තවත් මගේ ඔලුව කන්නෙ නැතුව ඉදපන් . මන් උබට මේ කියන පලවෙනි සහ අන්තිම වතාව .උඹ තාම මාව කව්ද කියන්නවත් දන්නෙ නෑ ..ඒක නිසා හොදම දේ පැත්තකට වෙලා ඉන්න එක "

යන්න ගියපු මම ආයෙමත් හැරිලා ගිහින් ඒකිගේ උරහිස් දෙකින්ම තද කරලා අල්ලගෙන දත් මිටි කාගෙන කිව්වා .

රෙද්ද මොන මල කරුමයක් ද මේ . එහෙන් වැඩ ඉවරයක් නෑ මෙහෙන් කොහෙවත් යන ගෑනියෙක් ඇවිත් විස පුරෝනවා .

"අහ්!! "

ගහගන්න වගේ ඇවිදගෙන ගිය මාව කාගෙදෝ ඇගේ හැප්පිලා වැටෙන්න ගියත් ඒ කෙනා මගේ ඉණ වටේ අත් දාලා අල්ල ගත්ත නිසා නොවැටී බේරුනා .

"ආර්‍යන් !!"

"ඔහ් ඔයා මෙහෙ "
මන් කෙලින් වෙන ගමන් පොඩි හිනාවක් දීලා ඇහුවා .

"ම්ම් සොලෝ ඩේට් එකක් . ඔෆිස් ඇරිලා ඔහොම්ම ආවා . "

"තාම සෝලෝ ද "

"ඔව් ඔව් ඉතින් . කොහෙද උබලට කිසි උවමනාවක් නෑනේ "

"අනෙ මේ ..දැන් කොහෙද යන්නෙ "

"දැන් යන්නෙ ක්ලබ් එකට "

ආහ් !! මොනා උනත් නියම කෙනාව හම්බෙලා තියෙන්නෙ . මටත් අද වැටෙන්න බොන්න ඕනේ .

මන් ඒත් මේ හිත හිත හිටියේ කාටද කතා කරන්නෙ කියලා . කොහෙද අපේ මාමණ්ඩියත් අණ්ඩ කඩාගෙනනේ .

කමක් නෑ මෙයත් හොදයි . නිශේන් මොකද සහේල් මොකද .

අපේ මාමා නිශේන් හරිත . හරිත කිව්වෙ හරිද කියලා අහපු එක නෙවේ දෙවෙනි නම .

"යන් මාත් යන්නෙ එහෙ තමයි "
.
.
.
.
.

මගෙ කා එක යැව්වා සුද්දව ගෙදෙට්ට දාන්න කියලා . ඊට පස්සෙ අපි ක්ලබ් එකට ගියේ සහේල් ගේ වාහනේ ..

පාට පාට එලිහැම තැනම ,  බාගෙට ඇද ගත්ත ගෑනූ .. පිස්සු කියව කියව  මේස වටේ ඉදගෙන බොන යාලුවෝ .. ඒ අතරින් පතර ටයි කෝට් ඇද ගත්ත මිනිස්සුත් උන්නා . කන පැලෙන්න දාලා තිබුන ඩීජේ එකට ගෑනු පිරිමි බේදයක් නැතුව නටනවා . මේ වා මට අලුත් දේවල් නෙවෙයි . මන් අවුරුදු කීයක් නම් ක්ලබ් එකේ වැඩ කරාද .

ඒක දිග කතාවක් Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα