17

995 183 12
                                    

"මේ මල්ලි නම් වැඩිය කතා කරන්නෙ නෑ නේ ද " එතන හිටපු බොඩි බිල්ඩර් ගේ අනිත් එක්කෙනා කිව්වා...

මේකනෙ මහත්තයෝ...මගෙ හිත ඕනාවට වඩා කතා කරන නිසා මගේ කට කතා කරන්නෙ නෑ...

මට කියන්න ඕනේ උනත් මන් හිනා වෙලා නිකන් හිටියා...

අපෙ අප්පච්චි මට උගන්නලා තියෙන්නෙ නිහඩ තාවය තමයි හොදම පිලිතුර කියලා...

" ඔව් ඔව් මේ ගුරයි ගෝලයයි දෙකම එකයි "

අර කියුට් කොල්ලා කිව්වා..කව්ද නේතන් ..නේතන්...

මට ඒ නම හරි හුරුයි අප්පා...මේ කොල්ලවත් මන් මීට කලින් දැකලා තියෙනවා ..කොහේදිම හරි...ඒත් මතක් වෙන්නෙ නෑනේ..

අපි හිටියෙ බේසික ඇදුරානන් ගේ වාහනේ...මන් හිටියෙ පිටිපස්සෙ මට එහා පැත්තෙ ඩබේ .
"හ්හා..." මට ඈනුමක් ගියා...

" නිදිමතද " ඩබේ අහනවා...ඔන්නැති මගුලක් නෑ මූට ..

නෑ බුදි මත

"ම්ම් "

" දැන් ලගයි "

ඒ කිව්වෙ මට නිදා ගන්න එපා කියලද ...

අපි ආවේ අර හිච්චි අයියලාගෙ ගෙදරට ...ඒ ගෙදර උන්නෙ හිච්චි අයියයි එයාගෙ අයියලා දෙන්නයි ලු...

" පොඩ්ඩක් ඉන්න  ...මේ මල්ලිලා දෙන්නට ගෙස්ට් රූම් එක රෙඩිකරලා දෙන්නම් "

ගෙස්ට් රූම් කිව්වම නම් චේතගෙයි  චේ ගේ බේකාප්පච්චිගෙයි මූණූ ඇද වුනා..උන් දෙන්නට එකට ඉන්න ඕනේ ඇති...ලවස්ලා උනාම ආස ඒම නේඉතින්...කව්ද අකමැති තමන් ආදරේ කරන එකා ව බදාගෙන නිදා ගන්න....

" මේ එක නෙවෙයි ...ආර්‍යන් ට බැයිද අදට අයියා  එක්ක රූම් එක ශෙයා කර ගන්න "

"ඒක ඕනාවට වැඩි නැද්ද සෙනාල් " නේතන් කින්ඩි හිනාවක් දැම්මා ....

" උබ කටවපන් ..පොඩි ඇටයා..ඈ බන් ආර්‍යන් "

හිච්චි සගෝර්ට බැනලා බේසික ඇදුරු තුමා ආයෙම මගෙ පැත්තට හැරුනා..

" ම්ම් "

මම මිමුණුවා ...

" ඔයා ගිය ආත්මේ බස්සෙක් ද ආරු මල්ලි "

හිච්චි සගෝර් අහනවා ....

"නැ , වවුලෙක් "

කෑවා නේ ද මගෙ නම්බුව ...මන් කට අරින්න කලින් කට ඇරපු ඩබේ මන් වවුලෙක් කිව්වා..

ඒක දිග කතාවක් जहाँ कहानियाँ रहती हैं। अभी खोजें