74

748 141 47
                                    

"මාව මොකෙක් වගේද පේන්නෙ උඹට "

"හිතන්න එපා මේ වගේ වෙලාවට මමත් අර චේතනයා වගේ අඩාගෙන උඹ  අස්සෙ   රිංගන්න එයි කියලා හරී "

"අනික මෙන්න මේක හොදට මතක තියා ගනින් "

"මට හොද ගෑනියෙක් කර ගහ ගන්න පුලුවන් කම තියෙද්දි උඹ ගාවට වෙලා ඉන්නෙ "

"එහෙන් උබේ අර මහ ගෑනී මට හිගන්නෙක් ගානට දාලා මූණටම ජරා කතා කියනවා .

උබ බදින්නලු යන්නෙ . මාව ඒ ගෙදර වැඩ කාර කමටවත් සුදුසු නෑ ලූ .

හහ් !! මොකද උබටත් අරකිව දැක්කම මට වඩා හොදයි කියලා හිතුනද "

එදා අච්චර දේවල් කියපු කොල්ලා නේද දැන් මේ කට පියාගෙන නිදාගෙන ඉන්නෙ . ක්ලබ් එකේ දි " මට බෑහ් " ගාන්න විතරයි ඊට පස්සෙ එක වචනයක් වත් මා එක්ක කතා කරේ නෑ .

හ්ම්ම් !! උබ කොහොමද වස්තුව එහෙම හිතුවේ වත් . උබ නැතුව වෙන කෙනෙක් මට  හොදයි කියලා මන් හිතයි කියලා . එහෙම උනා නම් මන් මෙච්චර කල් ඉදී කියලා හිතනවද . මට තිබුණා උබ නැති කාලෙම වෙන එකියක් හොයා ගන්න .

හ්ම්ම් !! ඔව්ව දැන් කතා කරලා වැඩක් නෑ . කොහොමත් දැන් මට ආයෙ හැරෙන්න බෑ නේ .

කොහොම හරි එයා වාහනේ අරගෙන ගිහින් විනාඩි ගානකින් මන් එයා ගිය පැත්තටම ගියත් මට එයා ගියෙ කොහෙටද කියලා හොයා ගන්න බැරි උනා .

මන් යශෝදරගෙ මාමාට , සහේල්ට චේතට වෙන එකක් තියා චූටිට පවා කෝල් කරලා බැලුවා කොල්ලා ආවද කියලා ඒත් ඒ හැම තැනින්ම උත්තරේ උනේ නෑ කියන එක .

වෙන එකක් තියා මන් යශෝදර ගෙ අප්පච්චි ගෙ ගෙදරට පවා ගිහින් බැලුවා . ඔහෙ නෑ දෙයියනේ මේ කොල්ලා කොහේ ගිහින්ද .

කෝල් ගන්නවා ගන්නවා ඒ ආන්සර් කරන්නෙත් නෑ .

සමහර විට !!අප්පච්චිගෙ සොහොන සමහර විට එතන ඇති !! මට එක පාරට මතක් වුණ නිසා මන් එතනට ගියත් නෑ .. එයා හිටියේ නෑ .. මොන ලෝකෙද දරුවෝ උබ ..

මහපාරේ අයිනේ වාහනේ නවත්ත ගත්ත මම ශටර් එකට ඔලුව ගහගෙන කල්පනා කරා . ඒත් අහම්බෙන් මගේ ඇහැ ගැටුනේ එයාගෙ වාහනේ .

ඒක දිග කතාවක් Where stories live. Discover now