54

932 141 20
                                    

මූණට දැනෙන කිතියට මම ඇස් දෙක ඇරියා . මගේ අත උඩට වෙලා උඩුකය නිරුවත්  කොල්ලෙක්  අව්ල් වෙච්ච කොන්ඩයක් එක්ක හරි ලස්සන හිනාවක් දාගෙන මන් දිහා බලාගෙන ඉන්නවා . මන් ආසම කරන රූපේ මන් ආසම කරන හිනාව මගෙ යශෝදර ඇත්තටම මගේ ඉස්සරහා ඉන්නවා කියන එක මට තේරුම් යන්න ටික වෙලාවක් ගත උනා . මෙච්චර දවසක් තනියම නැගිටපු ඇදේ , කලින් එයා නිදා ගත්ත තැන හිස් වෙලා තියෙන හැටි බලාගෙන හූල්ලපු මට අද ආයෙමත් එයා ඇත්තටම මගෙන් එහා පැත්තේ ඒ හිස්තැන පිරිලා තියෙනවා කියන හැගීම මගෙ මුලු ආත්මයම සතුටු කරා . මේ හිනා මූණ මේ දර්ශනය හැමදාම උදේ පාන්දර මගේ පලවෙනිම විව් එක වෙනවනම් කියලාමගේ හිත ප්‍රාර්ථනා කරා .

මට සැනසීමක් දැනෙනවා ගොඩාක් ලොකු සැනසීමක් . කාලෙකට පස්සෙ ලස්සනම ලස්සන දවසක් උදා වෙලා වගෙ මට හරිම සතුටක් දැනෙනවා .

"Good morning  රන් "

දාහක් දේවල් ඒ මූන දිහා බලන් හිතන කන් වචනයක් වත් නොකියා මා දිහා හිනා වෙවි බලන් උන්න කොල්ලට මන් නිදි බර කටහඩින් එයා එක්ක හිනා වෙලා කිව්වා.

මගේ කනක දාර දිගේ ඇගිලි වලින් රටා මව මව හිටපු කොල්ලා මටත් පෙරලා සුභ පැතුවා

"Good morning  සුදු මහත්තයා "

ඒ අලුත් නමට මගෙ ඇගේ හිරියක් දිව්වා .

" සුදු මහත්තයා මමද "

"ම්ම් ඇයි හොද නැද්ද "

"නෑ ඒකට මම කැමතී "

"ම්ම් "

ඊයේ රෑ තිබ්බ එලාම් එකවත් නෑහෙන තරමටම මට නින්ද ගිහින් . එච්චරට සැප නින්ද .

"වෙලව කීයද " මන් තව තවත් කොල්ලව තුරුල් කර ගන්න ගමන් ඇහුවා .

"හතරාමාර  පහුවෙලා ටිකක් වෙලා "

"යන්නෙ නැතුව ඉන්න බෑද රන් ."මන් කොල්ලව යවන්න තියෙන ලෝභ කමේ ඇහුවා .

"මන් කාමරේ නෑ කියලා දැන ගත්තොත් අර දිසානයකයගෙ පෙසර් නගී " කොල්ලා හිනා වෙවී කිව්වා .

" උඹ නැති වෙලාවට මට හරි පාලුයි " කී වෙනිදෝ වතාවට මම කිව්වා .

" මන් එන්නම්කො ආයේ ඉක්මනට .අනික ඔෆිස් එකේදිත් අපි නිතරම හම්බෙනවනෙ මහත්තයෝ "

ඒක දිග කතාවක් Where stories live. Discover now