31

874 169 10
                                    

"අයියේ ..අයියේ..අඩේ නැගිටපන් අයියේ "

ශේනුගෙ කටහඩයි උරහිසෙන් අල්ලලා හෙල්ලිල්ලයි නිසා මට ඇහැරුනා..

" මොකද බන් මේ " ශේනු අහනකොට හරි හමන් නිනව්වක් නැති මමත් සෝෆා එක උඩ කෙලින් වෙලා ඉද ගත්තා..මන් හිටියේ සාලේ සෝෆා එකේ ..එලියේ හොදටම වහිනවා කලුවරත් වැටිලා ..

"ව්.වෙලාව කීයද බන් "

"හතයි කාලයි .."

"ම්හ්ක්.හ් " මන් මූන අත් දෙකෙම්ම පොඩි කරලා පිහා ගත්තේ බොද උන ගතිය නැති කර ගන්න..

" උබ බිව්වද යකෝ "

මල්ලි ඇහුවෙ පුදුමෙන් වගේ

"චුට්ටක්"

" ගිහින් නා ගනින් " එහෙම කියලා මල්ලි නැගිටලා ගියාම මාත් නැගිටලා රූම් එකට ගියේ මග දිගට ශර්ට් එකත් ගලවන ගමන් ..

බඩගිනිත් එක්ක ..කොහෙද කෑම ගෙනාවට කන්න හම්බුනෙත් නෑ නේ ..යශෝදර කෑවද දන්නෙත් නෑ..ශවර් එකෙන් ගලන් එන වතුර මගේ ඇග පුරා රටා මවනකොට ඔලුවත් පහලට බර කරන් මන් කල්පනා කරා ..

මගේ කාමරේට මෙහා පැත්තේ යශෝදර හිටපු කාමරේ තිබ්බේ ..මන් නිකමට වගේ ඔලුව දාලා බලනකොට චේතන ඉන්නවා ඇද උඩ ඉදගෙන ..මන් දෙන්නට කරදර කරන්නෙ නැතුව පහලට ගියා.

" චූටි කෑම හදලා දුන්නා බන් "

" ම්ම් "

කෑම බොක්ස් ටික ඕපන් කරන ගමන් හිටපු ශේනු මන් දිහාවට හැරිලා අත් දෙක බැද ගත්තා..

" මොකො සීන් එක "

" මොකුත් නෑ "

මන් මේසෙට හේත්තු වෙලා බිම බලාගෙන කිව්වා..

" නැති වෙන්න බෑ උබට ආයෙ බොන්න තරන් "

"හ්ම්ම්...මන් දන්නෙ නෑ බන් මට හරි මහන්සී..වැටෙන්න තරන් බොන්න ඕනෙ වගේ මට "

" උබට බොන්නම ඕනේ නම් බොමු .හැබැයි ආයේ පුරුද්දකට තියා ගන්න එපා"

" අයියේ !! "

චේතන කෑගහගෙන කඩන් පැන්න විදියට නම් මාත් ගැස්සිලා ගියා ..

"ඕ ..බබා..ඇයි !!" ශේනුත් කලබලෙන් කෙලින් වෙන ගමන් ඇහුවා..

"ආරුට ටිකක් උණ වගේ "

ඒක දිග කතාවක් Tempat cerita menjadi hidup. Temukan sekarang