21

959 165 13
                                    

මේක හීනයක් එහෙම නේද ..කවුරු ම හරිකෙනෙක් මට කියන්න මේක හීනයක් කියලා..මාව ඇරවන්න ..මට තව දුරටත් මේ හීනේ අස්සෙ හිර වෙලා ඉන්න බෑ..කරුණාකරලා ..මන් අයදිනවා ...පුලුවන් නම් මාව මේ හීනෙන් ඇහැරවන්න..

මට තිබුනා එදා "අප්පච්චිට බැරිද වයසට නොයා ඉන්න" කියලා නාහා "අප්පච්චි ට බැරිද හැමදාමත් මන් ලගින් ඉන්න "කියලා අහන්න..

මේ හැමදේම ඒ හින්දද අප්පච්චි ..මන් උබට වයසට යන්න එපා කියපු හින්දද

" අප්පච්චි මාව...මාව.. දාලා යන්..න එපා අප්පච්චි . මගෙ අප්පච්චි ....අනෙ..අපිව දාලා යන්න එපා අප්පච්චිහ්...."

" අයියේ... අනේ  ...අප්පච්චි ....නැගිටින්න කියන්නකො අයියේ ...අප්පච්චිට..."

සාලේ මැද්දෙ අප්පච්චි වැතිරිලා උන්න පෙට්ටියේ පියන් වහන්න ඔන්න මෙන්න තියෙද්දි මාත් මල්ලිත් තරගෙට වගේ අඩන්න ගත්තා.

පුංචි කාලේ දෙයක් ඕනා උණාම අපි දෙන්නම කරේ අඩලා අප්පච්චිව නම්ම ගත්ත එක වෙනකොට හැමදාමත් වගේ අපේ කදුලු ඉස්සරහා අප්පච්චි ආපිට නැගිටි කියලා අපි දෙන්නම තරගෙට වගේ ඇඩුවා. මල්ලිට නොතේරුනාට,  තේරෙමක් තිබ්බ මමත් මොහොතකට බොළද වුණා . අප්පච්චි ආපිට නැගිටින්නෙ නැති බව දැනත් , නොගිහින් බැරි බව දැන දැනත් මන් අප්පච්චිට දාලා යන්න එපා කිව්වා. මාව තනි කරන්න එපා කිව්වා.

අඩලා අඩලම තවත් අඩලා තේරුමක් නැති බව මගෙ හිත මට කියනකොට  අප්පච්චිට අන්තිම වතාවට සමුදෙන්න මන් හිත හදා ගන්න උත්සහා කලා..

" සු...ද්දෝ..හ් මෙහෙ..වරෙන් මැණික "

මන් මගේ පිටට ඇලිලා හැංගිලා උන්න සුද්දව අතින් ඇදලා ඉස්සරහට ගත්තා. දාඩිය කදුලු වලට පෙගිලා උගෙ අත පය පවා ඇලෙනවා.. කොන්ඩෙ ඔලුවටම ඇලිලා ...ඇස් දෙකලොවි ගෙඩි දෙකක් සයිස් වෙලා මගේ අසරණයගෙ .

මන් පෙගුන කම්මුල් තද කරලා අත් දෙකෙම්ම පිහලා ඇරියා.

" මගෙ සුද්දෝ... අප්පච්චිට ගිහින් එන්න කියලා වැදපන් මයෙ අම්මාහ්.."

මන් ඌව අප්පච්චි දිහාට තල්ලු කරා..ඌත් මාත් අප්පච්චිගෙ සුදු මේස් දාපු කකුල් අල්ලලා වැන්දා .

ඒක දිග කතාවක් Tempat cerita menjadi hidup. Temukan sekarang