53

887 141 37
                                    

එතකොට මූද මෙච්චර වෙලා පාර දිගේ කරක් ගැහුව දෙදාහෙන් පස්සෙ සුනාමි ඩයල් එක .

දවල් සි යූ සූන් කිව්වට මෙච්චර ඉක්මනට එහෙම කියලා නම් හිතුවේ නෑ හැබැයි   .

මුලු හිතම සතුටින් පිරිලා යනකොට කට කනට යන හිනාවක් එක්ක මන් කොල්ලාව කිටි කිටියේ අත් දෙකෙන්ම මගේ පපුවට තුරුල් කරගත්තේ ඌත් ලෝභ නැතුව මගේ ඉණ වටේන් දාලා මට තුරුල් වෙනකොට .

මන් බොරුද කියන්නෙ මූ නම් වවුල් පැටියෙක්ම තමයි .

මන් ඒ හිස්මුදුනෙන් තොල් තදකරගෙන විනාඩි ගානක් හිටියේ ඇස් වලට උනන කදුලු වේල ගන්න හයියෙන් ඇස් පිල්ලම් ගහන ගමන් .

ටිකකින් අපි දෙන්නම ඈත් වුණා . ම්ම්හ් දැන් තමයි පොඩ්ඩක් අපහසු වාතාවරණයක් ඇති වෙන්නෙ . ඇයි යකෝ අපි කිස් කරා නේද . ඒකත් අවුරුද්ද කට විතර හම්බෙලා කතා කරන්නත් දෙයක් දැන් නම් හිතා ගන්න බෑ .

" කැහ් ! කැහ් !! අර ගහේ පොල්  නම් තාම කලටි වගේ නේද  " මන් යශෝදර දිහා බැලුවේ  සතෙක් දිහා බලන ගානට . ඇයි යකෝ මූ මොනාද මේ කියන්නෙ  .මෙච්චර මේ රෝමාන්තික මූඩ් එකක ඉදගෙන කලටි පොල් ගෙඩියක් ගැන කතා කරන්නෙ .

"මොකද "

"උබට පිස්සුද බන් " ඔන්න දැන් නම් ටික ටික ආයෙම නෝමල් උනා .

"නෑ ඉතින් නිකන් "

"තමුසෙ කොහොමද මේ රෑ ආවේ " ආයෙමත් කොල්ලව ඉණ වටේ අත දාලා මගෙ ළගට ඇදලා ගන්න ගමන් ඇහුවා .

"බයික්කෙ " මන් හිතුවා හරි මූ තමයි දෙදාහෙන් පස්සෙ සුනාමි ඩයල් එක ආ නෑ සුනාමියට කලින් ඩයල් එක .

එයත් මන් දිහා බලන් ඉන්නවා මාත් එයා දිහා බලන් ඉන්නවා . මට එයා දිහා බලන්න බෑ හිනා යනවා . කොල්ලටත් මන් දිහා බලන්න බෑ හෙන මනමාල හිනාවක් යනවා .

"මොකො හිනාව ආ "  මන් ඒ තොල් උඩින් පෙක් එකක් තියලා මූණට එබිලා ඇහුවා .

"මුකුත් නැහ්  " මුකුත් නෑ කිය කිය ආයෙ හිනා වෙනවා . 'නැහ්' එකෙන්ම තේරෙනවා මොකුත් නැද්ද මොකුත් තියෙනවද කියලා .

" මේ ඕයි " මන් ආයෙම පෙක් එකක් තිබ්බා . කොල්ලට ලැජ්ජා හිතිලා හිනායන්න එනකොටම තොල් කට ඇතුලට ගත්තා.

ඒක දිග කතාවක් Where stories live. Discover now