14

970 175 20
                                    

" උඹ එහෙනම් මොනා හරි ගිහින් කාපන් ඈ ...මට පරක්කු වෙලා මම යනවා .. ",කියලා චේතා ගියා...

ඉතින් ඊට පස්සෙ ඩබේගෙ වැඩි අවදානය මත මන් උගන්නපු ඒවා හොදට අහන් ඉදලා..නෝට් එක පිලිවෙලට ලස්සනට ලිව්වා...

අන්තිමට ජයග්‍රාහී ලෙස ක්ලාස් එක ඉවර උනා...

අම්මො යකෙක් කන්න බඩගිනි...අරූවත් එක්ක ගිහින් මොනා හරි කන්න ඕනා..

මන් හිමින් සැරේ පොත් ටික බෑග් එකට දැම්මෙ අනිත් උන් එලියට යනකන් ...මට කොහොමත් පොඩි උනක් තියෙනවා ..මන් කැමති  නෑ තෙරපෙන කරන වැඩ වලට ..

" කෝ චේතන අදත් ගියාද " මන් ගාවට ඇවිදන් ආපු ඩබේ ඇහුවා..

" ඔව් සර් " මන් ඉතින් සිරිමත්ගෙ මල්ලි සර්ගෙ හොදම සුවච කීකරු ගෝලයෙක් වගේ යටහත් පහත්ව උත්තර දුන්නා...

"ම්ම් කෝල් එකක් වත් අරන් බලනවා එන්න වෙලා යනවද කියලා..."

මන් පෝන් එක අරන් කෝල එකක් ගත්තා..

" නෑ එක්කො ඇපල් ග්‍රේ රෙස්ට් එකට එන්න කියනවා.."

චේතා කෝල් එක ආන්සර් කරන්න කලින් ඩබල් බේසික ඇදුරු තුමා කිව්ව..

" ඒ මොකටද "

පොඩ්ඩක් සද්දෙ වැඩිඋනා හැබැයි...ඉතින් යකෝ සද්දෙ වැඩි වෙන්නෙ නැද්ද...ක්ලාස් ඉවර වෙලා මොකටද මූ චේතට රෙස්ටුරන්ට් ගානේ එන්න කියන්නෙ ...

"න්..නෑ ..සර් මන් ඇහුවෙ ..ඇයි සර් " ඒ මරුමුස් බැල්ම ඉස්සරහා ඕන එකෙක් ගෙ හුලන් නිකන්ම බහිනවා..

" මන් තමුසේ ව එතනින් ඩ්‍රොප් කරන්නම් ...මට පොඩි උදව්වක් කරනවා.."

පේපර් මිටියක් වත් දීලා කියයි ද දන්නෙ නෑ ..අරූ එනකන් බලපන් කියලා ...අයියෝ....චේතෝ තෝ නිසා මටත් සෙට් වෙන කටු..

" මොකද්ද සර් "

මන් ඉතින් ඇහුවා...

" එකටම කෝල් එක අරන් ඉන්නවකො " මන් ඉතින් තවත් හාර හාර අහන්න ගියෙ නෑ ඇයි යකෝ මූ ඇගට ගොඩ වෙනවනෙ ..අනික ඉතින් මට ගෑනි වගෙ නහයෙන් අඩන්න පුලුවන් යෑ කොහෙද යන්නෙ ගගා..

මන් කට වහගෙන අරූට කෝල් කරා...

"කියපන් ...ක්ලාස් ඉවරද "

ඒක දිග කතාවක් Where stories live. Discover now