07

1.1K 181 22
                                    

"අඩෝ ඒ අරකිද බන් ...අර ගිය සතියෙත් හෝල්ට් එකේ හිටියෙ "

මන් ඇහුවා..මන් හිතන හැටියට ඒ ඒකි වෙන්න ඕනා...මහාමායා එකේ කෙල්ලෙක් ...ලේසි පාසු නෑ...බර අතු ඉතින් ...ඒ  වගේම තමා දෙයක් ඕනා උනොත් ඕනාම තමා..දැන් මාස දෙකක විතර ඉදන් චේතාගෙ පස්සෙන් එන්නෙ ...

"ඔව් ඔව් ඒකි තමයි ..මායා "

හොදම වැඩෙ කියන්නෙ ඒකිගෙ ස්කෝලේ මහාමායා ඒකිගෙ නමත් මායා..කෙල්ල ලස්සනයි ...පොඩි ඇගක් තියෙන්නෙ..ස්ට්‍රේට් තනි කලු කොන්ඩයක් තියනවා...එකපාරක් බලන එකා අනිවා දෙවෙනි පාරටත් බලනවා..හැබැයි අපේ බේසිකයා ඇරෙන්න..

ගති ගුණ අතින් නම් දන්නෙ නෑ ඉතින් ලොකුවට ...හැබැයි චාටර් කැරැක්ට් එකක් නෙවේ මන් හිතන්නෙ...

කොහොම හරි අන්තිමෙ කොල්ලා නම්බරෙ දුන්නා නේ ...ඒ උනාට නිකන් හිතා ගන්න බෑ වගෙ මට නම් මූ අර බේසික ඇදුරු තුමාගෙ ලෝකෙන් මිදෙන්න තීරනේ කරා කියද්දිත්...

අපි දෙන්නා ගෙදර ආවේ ..exam  ඉවර උන හැටියෙ යන්න හීනමවාගෙන උන්න ට්‍රිප් එක ගැන කියෝ කියෝ...

ආ තව account  clz එකෙන් එකක් එක්ක යනවා කිව්වා...bs එකේ බඩා නම් එක්ක යයි අපිව ට්‍රිප් ම ...

" කොල්ලෝ...තේ හදන්ඩද බත් ම කනව ද "

ඇග හෝදන් එන්න යනකොට අප්පච්චි ඇහුවා..ඇපෝ ....බත් ද අදත් ...

" අයියෝ අප්පච්චි...අදත් බත් ද අනේ..." මන් මූණත් ඇබුල් කරගෙන ඇහුවා..

" බත් නැතුව මන් මොනා හදන්නද බන් "

" ම්හු ම්හු රොටියක් වත් හදන්න එපැයි..."

" උඹට රොටි ඕන නම් පොල් ගාපන් "

"අපෝ "

" එහෙනම් නටපන් "

මන් ගස්සගෙන ගියෙ ලිද ලගට ...ඇයියප්පා ඉතින් මේ දවස තිස්සෙ මැරිලා මැරිලා එන ළමයට රොටියක් හදලා දෙන්න බැරි හැටියක් ..

" මොකද තනියම කියවන්නෙ"

තුවායත් ඉස්සගෙන චේතාත් ආවේ ලිද ලගට..

" රෑටත් බත් ලු බන් "

"ඉතින් "

"ඉතින් කිහන්නෙ ...බත් කන්න බෑ බන් "

ඒක දිග කතාවක් Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα