29

838 172 3
                                    

"කොහෙද යශෝදර "

මන් ඇහුවේ බෑග් එකත් අරගෙන පහලට එන චේතනගෙන ..ඒත් කොල්ලා ඇස් ලොකු කරලා මා දිහත් බලලා ශේනු දිහත් බැලුවා..

" කොල්ලා ගියා "

මන් ඇස් උස්සලා ශේනු දිහා බැලුවෙ මොකද්ද කිව්වෙ කියලා අහන්න ..

" බස් එකේ යනවා කියලා ගියා "

" හ්ම්ම්... චේතන යන් "

මන් චේතනවත් එක් කරගෙන ආවේ ක්ලාස් එකට ..අද තිබ්බෙ මගේ ක්ලාස් එක ..

" චේතන කෑම ගත්තා නේද "

" ඔව් සර් "

චේතන ක්ලාස් එකට ගියාම මන් ගියේ කා එක පාක් කරන්න..

හ්ම්ම්

මන් ශීට් බෙල්ට් එක ගලවලා හේත්තු උනා. ඇයි එයාට මන් එක්ක එන්න ඉන්න බැරි උනේ  ..බැරි වෙලාවත් ඊයේ කියපු දේවල් නිසා එයා මා එක්ක අවුලෙන් වත් ද ..දැන් නම් හිතෙනවා අපරාදේ කිව්වෙ කියලත්..හ්ම්ම් ඕන එකක් බලමුකො ..

මන් යද්දි යශෝදරත් ක්ලාස් එකට ඇවිත් ..ඇත්තටම අද දවස ගෙවා ගත්තෙ පුදුම තරම් අමාරුවෙන් ..

"අයියේ අපි මෙහෙම්ම ගෙදරට ගිහින් එන්නද බඩු වගයක් තියෙනවාගන්න "

ක්ලාස් ඉවර උනාම චේතන මන් ලගට ඇවිත් කිව්වා..

" හ්ම් ..මන් එන්නද "

"එපා අයියෙ අපි දෙන්නා බස් එකේ ගිහින් එන්නම් "

ඒ දෙන්නට යන්න දීලා මන් කෙලින්ම ගෙදර ආවා..

" කෑවද "
මගෙ ඉස්සරහට දුවන් ආපු සුද්දගෙන් මන් ඇහුවම කොල්ලා ඔව් කියන්න ඔලුව වැනුවා.

" මේක ඔයාට " මන් එනකොට ගත්ත චොක්ලට් එක කොල්ලට දුන්නා..

" කෝ අයියා.."
මගෙන් පිටිපස්සටත් එබිලා බලන ගමන් කොල්ලා ඇහුවා..

" අයියා එයි ..මල්ලි පාඩම් කරන්නකො " ශේනු කිරි එකකුත් හදාගෙන එන ගමන් කිව්වා..

"අයියේ අර අලුත් ප්‍රොජෙක්ට් එක මන් බැලුවා තමුසෙත් පොඩ්ඩක් බලනවා හාද "

" මට එවන්න " කියලා මන් රූම් එකට ගියේ වොශ් එකක් දා ගන්න ..

වොශ් එකක් දාගෙන මන් පහලට යනකොට මල්ලි බත් එකත් බෙදලා මේසෙ උඩින් තියලා..බතුයලා පරිප්පු උයලා මාලු මිරිසට හදලා..ඇති මේ ටිකවත් මූ හැදුවා..

ඒක දිග කතාවක් Where stories live. Discover now