42

821 145 6
                                    

මල්ලි . උබලා නිදිද " එයාට නින්ද ගිහින් හීනියට ගොරත් අදිනකොට දොර පැත්තෙන් ශේන් අයියා අරහසින් වගේ කතා කරන සද්දෙ ඇහුනා .

"ඇයි අයියේ . සර් නම් නිදි "

"උබට පොඩ්ඩක් එලියට එන්න පුලුවන්ද . ටිකක් කතා කරන්න ඕනා ."

" අපි අවුරුදු දෙකක් තිස්සෙ අයියා හිටපු තත්වෙන් ගොඩ ගන්න මාර කට්ටක් කෑවෙ බන්   . "

"උබ ඕනෙ තරන් අහලා දැකලා ඇතිනේ . ඩීප්‍රෙශන් හැදිච්ච උන් "

"එදා නම් මන් හිතුවේ මේ ලෝකේ මන් ..මන් තනි වුණා කියලා බන් "

"උබ දැක්කනෙ අද හවස් වරුම උන්න විදිය . හිතපන් මාස හයක් එහෙම උන්නා කියද්දි චුට්ටක් හරි කතා කරෙ චූටි එක්ක විතරයි . ඒත් ඌ මගෙන් සමාව ඉල්ලුවා මන් ගැන නොහිතා එහෙම දෙයක් කර ගන්න හැදුවට "

"ඒත් අවුරුදු දෙකක් මේ වෙනකන් අපි ඌට ට්‍රීට් මන්ට් කලා බන් . බෙහෙත් නැවැත්තුවත් ආධ්‍යාත්මික ව ඌව සනීප කරගන්න තාම අපි ට්‍රීට්මන්ට් කරනවා ."

"උඹ දන්නෙ නැති උනාට එදා දුරින් ඉදන් උනත් උබ මාරම හයියක් උනා අපිට අයියව ආයෙම ගොඩ නගන්න "

"දැන් උබ ලගින් ඉදගෙන සේරම හොද අතට හැරීගෙන එනකොටම ආයෙත අපෙ මමී කඩන් පැනලා ඔක්කොම කනපිට ගහයිදෝ කියලා මට බය හිතෙනවා බන් . "

"මමී හැමදාම අයියගෙන් ඌ ආසාම කරන දේවල් උදුරගෙන ඌව බිමට ඇදලා දැම්මා "

"මේ පාර ඌ බය වෙලා ඉන්නෙ . උබව ඌට නැති කරයි කියලා "

"මන් දන්නෙ නෑ බන් මන් මොනාද කරන්න ඕනේ කියලවත්  . ඒත් ආයෙ කලින් වතාවෙ වෙච්ච දේම වෙන්න ඉඩ තියන්න මට බෑ බන් . එහෙම උනොත් අයියටත් කලින් මන් මැරිලා යාවි "

"මන් දන්නවා උබත් මේ දවස් වල ඉන්නෙ මාරම ස්ට්‍රෙස් එකේ කියලා . එක්සෑමුයි .මල්ලියි . ඒ ඇස්සෙන් අපේ අයියයි මේ හැමදේම ..අනේ ඒත් බන් මල්ලි මට මේ උදව්ව ඉල්ලන්න වෙන කෙනෙක් නෑ බන් . අයියා ලග උබට විතරනෙ . ප්ලීස් බන් මගෙ අයියා ලගින් ඉදපන් මල්ලි . මට ආයෙම ඌව නැති කර ගන්න බෑ " ශේන් අයියා මගෙ අත් දෙකම එයාගෙ අත් දෙකට තද කරලා ගුලි කරගෙන කිව්වෙ මන් දිහා හෙන අසරනව බලාගෙන . ලොකු කදුලු කැටයක් ශේන් අයියගෙ කම්මුල දිගේ පල්ලම් බහිනකොට එයා ඒ සීතල අත්වලින් අල්ලගෙන හිටපු මගෙ අත් අත හැරියා .

ඒක දිග කතාවක් Where stories live. Discover now