59

902 141 50
                                    

කම්මැලි කමේ ඇස් ඇරපු මට ඇග මැලි කඩන්න ඕනේ උනත් මගෙ ඉණ වටේ අත් පටලගෙන පපුව අස්සෙ ඔලුව ඔබ්ගෙන ඉන්න මනුස්සයා නිසා ඒක කර ගන්න බැරි වෙනකොට මන් එයාගෙ වටේ එතිලා තිබුන  මගෙ අත් දෙක තවත් ටිකක් තද කරගෙන එයාගෙ හිස් මුදුනට හාද්දක් තිබ්බා.

ගෙදර ආවෙ කොහොමද කියන්නවත් මන් දන්නෙ නෑ ඇත්තටම . අපි හිටියේ එයාගෙ කාමරේ ඇද උන වෙනකොට මගේ උඩ කොටස වැහෙන්න ටීශර්ට් එකක් තිබ්බත් ඒක පපුව ගාවට රෝල් වෙලා තිබ්බා වගේම ඒකත් මගේ නෙවෙයිද මන් දා . යටටත් බොක්සර් එකක් තියෙනවා වගේ නම් දැනෙනවා .

බඩිත්ගිනි අප්පා. වෙලාව කීයද දන්නෙත් නෑ . වෙලාව බලාගන්න පෝන් එක හොයාගන්න දිහාවකුත් නෑ . හැබැයි අව්ව වැටිලා තියෙන හැටියෙනුයි සද්ද බද්ද වල හැටියටයි නම් දැන් හත අටේ කෑලිත් නෑ කියලා විතරක් කියන්න පුලුවන් .

කොහෙද ඉතින් මේ වන දෙබරව නැගිට්ටන්න කියලා යෑ . ඔන්න ඔහේ නිවඩු දවසනේ නිදා ගත්තාවේ .

ඊයේ රෑ මොකාද වගෙ හැසිරුනාට දැන් තමා ඒකේ රග තේරෙන්නෙ . කොහොමද දෙයියනේ මේ මනුස්සයා නැගිට්ටම මූණ දෙන්නේ . නැගිටින්නෙ නැති තරමට හොදයි . එහෙමයි කියලා මුලු දවසම මේ මනුස්සයව නිදි කරවන්න යෑ .

අනික අද ලොකු මිශන් එකකුත් තියෙනවා .  මිශන් චේත . අද නම් කොහොම හරි ඕකව ආයේ යාලු කර ගන්න ඕනේ .

සුද්දව පොඩ්ඩක් එලියට එක්කන් යන්නත් ඕනේ . ආයෙ කවදා එලියට පැන ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ නේ . හම්බුන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ .

මන් ඉතින් අද දවස ප්ලෑන් කර කර ඉන්නකොට මගේ පපුව පැත්තකින් එක පාර සීතලක් එක්ක කිතියක් දැනුනා .

"යාහ් !! අහකට වෙනවා "

"ම්හු.."

"කෙදිරි ගෑවට වැඩක් නෑ .. කෝ කෝ "
නැගිටලා හොරාට මගේ නිපල් එකක එල්ලෙන්න හැදුව ඩබේ ව මන් අහකට කරා .

"මොකද්ද අප්පා ඊයේ රෑ හම්බුනෙත් නෑ . දැන්වත් ටිකක් රහ බලන්න දීපන්කෝ "

ආයෙමත් අර දෙක වසරෙ පොඩි එකා වෙලා නහයෙන් අඩන හැරමිට්ටෙන් යන්න ඔන්න මෙන්න ඉන්න මනුස්සයා දිහා මන් බැලුවා .

ඒක දිග කතාවක් Where stories live. Discover now