40

856 151 16
                                    


"කව්ද බන් මේ වෙලාවේ " පාඩම් කර කර ඉදපු චේත් ඇහුවේ  ගේට්ටුව ඉස්සරහා හෝන් ගහන සද්දෙට .

" මන් දන්නෙ කොහොමද බන් . යමන් ගිහින් බලමු "

මායි ඌයි දෙන්නම නැගිටලා දොර ඇරගෙන එලියට බැස්සෙ ආවේ කව්ද බලන්න ඩබේ ගේ වාහනේ වත් ශේන් අයියගෙ වාහනේ වත් නෙවෙ නේ  . එයාලා න්ම් හෝන් ගගහා ඉන්නෙ නෑ නේ ..

අපි දෙන්නා ගේට් එකත් ඇරගෙන කාර් එක ලගට ගියා .

"කාව හම්බේන්නද "

මන් පහත් උනාම ශටර් එක ඇරියහම හිටපු ඩ්‍රයිවගෙන් ඇහුවා.

"ශේශාන් සර් නැද්ද ..සර් ගෙ මමී සර්ව හම්බේන්න ආවේ  සර් .." ඩ්‍රයිවින් සීට් එකේ හිටපු ටිකක් මැදි වයසේ වගේ මනුස්සයා අපි එක්ක

"සර් නම් ගෙදර නෑ නෙ " මන් ශටර් එක ගාවට නැවිලම කිව්වා..

"ඔන්න ඔය ගේට් එක අරින්න කියනවා අයිසේ " පිටිපස්සෙ හිටපු ගෑනු කෙනෙක් කෑ ගහන කොට මාව විතරක් නෙවේ ඩ්‍රයිවර් වත් ගැස්සිලා ගියා . ඩ්‍රයිවර් හෙන අසරණ බැල්මක් දාලා මන් දිහා බැලුවම . මන් චේතන දිහා බැලුවේ මොකද්ද කරන්නෙ අහන්න .

"ඇරපන් ..මමී නම් ඉතින් ..මන් අයියට කෝල් එකක් ගන්නම් "

චේත් ඇතුලට යනකොට  මන් ගේට් එක සම්පූර්ණ ඇරියේ වාහනේ ඇතුලට දාන්න ..

"මොකද්ද බන් එකපාට්ටම හැමුව මේ සුලි කුනාටුව " මන් හිටියේ රෙදි නම නම ..රෙදි නම නම කිව්වෙ  බෑග් අස් කරන ගමන් .

"අනේ මන්දා බන් " එක පාරටම ගෙදරට කඩාගෙන පැනපු ඩබල් බේසික මමි අපි දෙන්නට කෑ ගහන්න පටන් ගත්තා . ගෙදර් නිකන් කසල ගොඩක් වගේ ගියලා . මන් පොඩ්ඩක් වටේට ඇහැ දලා බැලුව . හැබැයි කියන තරම් එහෙම කසල කෑලක් වත් මගෙ ඇස ගැටුනේ නෑ . මමීගෙ  ඇස් පෙනීමේ දෝසයක් ද කොහෙද .

ඊට පස්සෙ හතර අතටම බැනලා  . ගොඩයො දෙන්නෙක් ගානට දාලා අපි දෙන්නට අනම් මනම් වගයක් කිව්වා..

"උබලා හිතන් ඉන්නෙ මේක බලු කූඩුවක් කියලද අවලමෙ යන උන්ට ලගින්න " මන් හිතන්නෙ මමියා ඔය අවලම කියන වචනේ තේරුම දන්නෙ නෑ මගෙ හිතේ ..මගේ නම් ගගේ මාලු ඇගේ නටනවා .. දෙකක් ඇන ගන්න බැරුව බොහොම අමාරුවෙන් හිටියේ . අපි බලෙන් ඇවිල්ලා රිංග ගත්තා යෑ ..මහ ලොකු පුතන්ඩියො දෙන්නා නේ එක්කරගෙන ආවේ .. මන් මොකුත් නොකියා දත් මිටි කකා හිටියෙ මොනා උනත් ඉන්නෙ එයාලගෙ තැනක නිසා .

ඒක දිග කතාවක් حيث تعيش القصص. اكتشف الآن