13

995 176 14
                                    

"අප්පච්චිට බැරිද වයසට නොයා ඉන්න අප්පච්චි "

මන් අප්පච්චිගෙන් ඇහුවම..අප්පච්චි මා දිහා බලලා උගුරෙන් හිනා උනා..

මගෙ ඇස් වල තුනී කදුලු පටලයක් බැදිලා ..මට දැනෙනවා..

සමහර විට මන් ලොකු නොවී උන්නා නම් අප්පච්චි වයසට නොයා ඉන්න තිබුනා..

එහෙම උනා නම් හැමදාම මට අප්පච්චි ගාවට වෙලා ඉන්න තිබුනා..

" මොකෝ මේ මගෙ පුතා එක පාරට ආ... "

මන් මොකුත් නොකිය බලන් උන්නා...

"හීනයක් දැක්කද රන් "

මෙච්චර වෙලා ඇස් වල බැදිලා තිබ්බ කදුලක් රූට්ටලා කන දිගේ ගලාගෙන ගිහින් අප්පච්චිගෙ ඔඩොක්කුව ට වැටුනා..

ඒක උණුයි..උණු කදුලක් !!

අප්පච්චි දන්නවා ...කාටත් වඩා හොදට මන් ගැන .. මන් හවස නිදා ගත්ත වෙලේ හීනයක් දැක්කා...අපෙ ගෙදර සුදු කොඩි එල්ලලා තියෙන වා..මට බය හිතුනා ...මට තියෙන්නෙ හරි පුංචි ලෝකයක් ..ඒ ලෝකේ ඉන්නෙ මිනිස්සු හරි අතලොස්සක් ...ඒකෙනුත් වටිනම අය ඉන්නෙ මේ වහල යට...

හීනේ අමතක කරන්න මන් අද දවස ගැන හිතුවත් ...කැරකිලා ..ආයෙමත් මන් නතර උනේ එතන..

"අපිට ස්භාවධර්මය වෙනස් කරන්න බෑනේ රන් "

.
.
.
.
.
.
.

" ඔය මොකද ඔය අතට කරගෙන තියෙන්නෙ "
Bs clz ඉවර වෙලා චේතා එනකන් හෝලට් එකේ හිටපු මම දැක්කෙ අතට බැන්ඩේජ් එකක් දාගෙන එන චේත් ව..

" ලෙස්සලා වැටුනා බන්...හොටෙල් එකේදි..."  ඌ නහයත් අකුලලා කිව්වෙ මන් හතර අතතේ කැරකි කැරකි ඒක බලද්දි..

දැන් ඉතින් මූ හැමදාම ඉන්‍ටවල් එකේදී හොටෙල් එකට පයින්න පුරුදු උනා...ඒකෙන් මේකෙන් තට්ටු උනෙත් මට..මට උනේ ඌ ගියාට පස්සෙ උගන්නන හැම අකුරක් නෑරම කට ආයාගෙන අහන් ඉදලා ගෙදර ගිහින් ඌට කියලා දෙන්න ..වෙනදට නින්දක් දාලා සැපේ උන්න මට මොකත මේ උනේ ...

'පීක්!!! ' අත පරිස්සනේ කර කර හිටිය මාව උඩ ගිහින් බිම වැටුනා...

මොකාදයකෝ කන අස්සෙ බ්‍රේක් කරන්නෙ..
හැරිලා බලනකොට සුපුරුදු වන්ඩිය...සටර් එකත් පාත් කරන් ඩබල් බේසික ඇදුරු තුමා බලන් ඉන්නවා..ඒ බැල්ම වෙනස් වෙන්නෙ නෑනේ ඉතින් ඌ කොහෙ ගියත් මරුමුස් !!

ඒක දිග කතාවක් Where stories live. Discover now