66

793 148 46
                                    

හවස ඇදට වැටුන පාරට ආයෙම මාව ඇහැරුනේ පෝන් එක වයිබ්‍රේට් වෙනකොට.

මොන හු#ත ද මේ වෙලෙ පවු දෙන්නෙ .

මන් උන්නෙ ඔලුව උස්ස ගන්න වත් බැරුව . නාලා ඔලුව පිහින්නෙවත් නැතුවනෙ නිදා ගත්තේ . දැන් ඉතින් ඇස් දෙක ඇර ගන්නත් බෑ .

මන් ගන්න එකාට දෙහි කප කපා පෝන් එක ආන්සර් කරලා කනේ තියා ගත්තා.

"උඹට කෝල් කියක් ගත්තද බන් මොන මගුලෙද උන්නෙ "

කවුද මන් දා එහා පැත්තෙන් බුරනවා ඇහෙනවා .Arrrrrrrr

"කවුද !!"

"ඈ යකෝ උබ ඇත්තටම දන්නෙ නැද්ද "

දන්නවා නම් මන් අහ අහා ඉන්නවද යකෝ ..මට අහන්න හිතුනත් නාහා හිටියේ ඒ වචන ටික අහන්නවත් මට කට අරින්න කම්මැලි නිසා.

"මම බාප්පා යකෝ බාප්පා .."

හරිම කලහා කාරී ..වැරදීලා හරිමන් කලින් මේ මනුස්සයා හරි අහිංසකයි කිව්වා නම් මේ දැන් මන් ඒක ඉල්ලා අස් කර ගන්නවා .

"ම්ම් "

"දැන් මොකද උබට . මොනා හරි කෑවද "

"නෑ..හ්!!"

"ඈ බන් උබේ මිනිහා උබව ගිහින් දාපු දිහා අඩුම තරමේ කන්ඩ බොන්ඩ දෙන්ඩ කෙනෙක් වත් නැද්ද "

"ඔයා කොහොමද දන්නෙ ..ඒ මගෙ මිනිහා කියලා "

මන් ඇහුවේ හවසත් එයාගෙන් එහෙම ලොකු ප්‍රති චාරයක් තිබුනෙ නෑ නේ . ශේශානයා මගෙ බෙල්ල කාලා තිබ්බ හැටියට .. අනික අර කියපු එක ."මොනා උනත් උඹට ඔච්චර දරුනු නොවී ඉන්න තිබ්බා . " අනේ අම්මා පා බාප්පෙක් විදියට අහන කතාවක් ද . මන්  එහෙම උනා නම් ඉතින් පුත්‍රයා ව ගස් බැදලා පුත්‍රයාගේ මනුස්සප්‍රාණියට දිමිගොටු දානවා .

"උබ අන්තරස් දාන් උන කාලෙ මන් නිතර නිතර ගියා හේමව බලන්න . එතකොට ඌව පොඩ්ඩක් පොඩ්ඩක් සෙට් උනා "

"පස්සෙ ඉතින් මිනිහා මෙහෙම එකක් කියලා ඇහුවා . අව්ලක් ද කියලා .පස්සෙ මූ කියපි අව්ලක් උනත් කමක් නෑ කොල්ලා කැමති නම් අනිත් අයගෙන් අදාල නෑ කියලා "

දැක්කද මගෙ මිනිහගෙ ගට් එක.

"ම්ම් "

"චූටි මහත්තයා .. උබ නැගිටින්නෙ නැද්ද "

ඒක දිග කතාවක් Where stories live. Discover now