37

894 169 14
                                    

මුලු දවසම හරි සාම කාමීව ගෙවලා හත පහු වෙනවත් එක්කම විදුලි කොටන්නත් මහ හයියෙන් ගොරවන්නත් ගත්ත අහස දිහා මන් බලන් හිටියා. අච්චර සන්සුන්ව හවස තිබ්බෙ මේ අහසද කියලා හිතා ගන්නත් බෑ .

හරියට මගෙ ජීවිතෙ වගෙ . කොයි වෙලේ මේ තියෙන සැනසීම මගෙන් උදුරගෙන යයිද කියන්න මන් දන්නෙ නෑ . අවුරුදු තුනක් කිට්ටු වෙන්න මමි නිශ්ශබ්ද ව හිටියට හෙට උනත් එයා මට කෝල් කරන්න බැරි කමක් නෑ .

ඔව්වා ගැන හිතලා වැඩක් නෑ එන දේකට මූණ දෙනවා මිසක් . මන් කොහොමත් හිත හදාගෙන ඉන්නෙ . බලමුකො .ඕන දෙයක් ශේනුව බේරිලා . හොදින් බැරි නම් නරකින් මේ හැම දෙයක්ම ඉක්මනටම ඉවරයක් කරලා දාන්න කාලේ හරි .

ගොර වන හඩ ඇරෙන්න මුලු ගෙදරම නිශ්ශබ්දයි . ගෙරවිල්ල පටන් ගන්නකොට නම් ඒකටත් නොදැවෙනිව චේතනගේ සද්දෙ .

" මේ මොන මගුලද්ද මේ "

"වැහි දෙයියනේ ..උබට වෙන දවසක් තිබ්බෙම නැද්ද ගෑනී එක්ක මරා ගන්න "

"ගර්.ර්.ර්... " චේත් ගෙ ප්‍රශ්නේ ඇහිලද කොහෙද පලාතම එලිය කරගෙන විදුලියක් කොටලා මහා හයියෙන් ගෙරෙව්වා..

"ඇයි අප්පා මටම මේම වෙන්නෙ " අඩි හප්ප හප්ප ගොරවන අහසටත් කෑ ගගහා එහාටයි මෙහාට යි ඇවිදින චේතන දිහා අපි හතර දෙනාම බලන් හිටියෙ සාලේ සෝපා එකෙ වාඩි වෙලා .

"උදේ ඉදම් හත වෙනකන් බලන් හිටියේ ..ඇයි මටම මෙහෙම වෙන්නේ..." කොල්ලා අඩන්න මූන හදාගෙන .

මිනිහා ක්ලාස් ගිහින් ආවෙත් උඩ පැන පැන හතට ටීවි එකේ අයන් මෑන් 3 යනවා කියලා  . ඇග හෝදගෙන කරගෙන ඔක්කොම කරලා අපේ මෑන් අයන් මෑන් දාන්න හදනකොටම විදුලි කොටලා හෙන හයියෙන් ගෙරෙව්වා.

"අයියෝ මට සමා වෙන්න අයන් මෑන් අයියේ "

එක වෙලාවකට මට හිතෙනවා සුද්දව බලාගන්න එක ලේසි චේතනව බලා ගන්නවට වඩා.

" අයියෝ හරි බබා . ඕක අපි හෙට ලැප් එකෙන් බලමු . "

ශේනු කොල්ලව සනසන්න හදනවා .

" එහෙම බෑ . මට ඒක බලන්න ඕනෙ රෑට "

"හරි හරි . අපි රෑට බලමුකො කට්ටියම . කෝ යන් යන් කට්ටියම කමු . "

ඒක දිග කතාවක් Tempat cerita menjadi hidup. Temukan sekarang