දෙවෙනි දිගහැරුම ~

575 43 1
                                    

පහුවදා උදෑසන ~

" ඒයි කෙල්ලේ .........ඊයෙ මොකෝ උබ වේලපහින් නිදි ආ නැගිටහන් බලපිය වෙලාව 6 : 30 නැගිටපන් පස්සට ඉර වැටිල ඉවරයි උබෙ ඉස්සරහටත් වට්ට ගන්නද ඉන්නෙ නැගිටහන්"

අනේ අනේ ඉතින් මේ අම්මා කියන කතා වලට ලෝකේ කාලා වතුර බීපු මට ඩබල් මීනින් විදිහට හිතෙන එක නවත්ත ගන්න බෑ කියහන්කො ඔයාලටත් එහෙම වෙන්න ඇති නේ 😒

" ඇහැරිල ඉන්නෙ අම්මේ ඇහැරලා මේ මගෙ ඇස් ඇරන් ඉන්නෙ පිය වෙලා නෑ....."

" ඔව් ඔව් මට පේනවා සිරියාවති වගේ හිනා වුනාට වැඩක් නැ නැගිටලා මූණ හෝද ගනින් පස්සෙ පොතක් බලපන් Class හොයා ගත්තද දැන් උබ "

" අහන්නකො සුදු අම්මේ මන් මේ Class හොයන ගමන් යාලුවොන්ගෙන් ඇහුවා උන්ගෙ class වල තාම නෑලූ මන් ආයෙ හොයල බලන්නම් හොදේ"

" හා හා ගිහින් ඇග හෝද ගනින් කට ගදයි "

" 😒 අනේ ඉතිම් ඔයත් මන් යනෝ "

සනුදි වොශ් රූම් ගිහින් වොශ් එකක් දාලා සුවද හම හම එන තුරු අම්මා පහලට ගියා යක්කු දෙන්නට කෑම බෙදන්න

" අම්මේ........... කෝ මගෙ මේස් එක ටයි එකත් නෑ අර ශෝට් එකත් නෑනේ "

" කාමරෙ නැත්ද කොලුවො...... "

" නෑනේ හොයලා දෙන්නකෝ මට පරක්කු වෙනවා ......"

"අනේ ඉතින් උබට දැන්ද මතක් වෙන්නෙ මේස් , ජොකා , ටයි හොයන්න ආ "

සනුදි වොශ් රූම් එකෙන් එලියට ආවෙ අම්මගෙයි අයියගෙයි කතාවක් මැද්දෙ අම්මා ජොකා ගැන කියවද්දි සනූට හොදටම හිනා හැමදාම වෙන එකනෙ

" කො ඈත් වෙයන් දොර ලගින් යකඩො තාම ඇදුම් ඇදලත් නැ මෙතන බබා වගේ අයන් කර කර ඉන්නව අ මෙන්න මේන් තියනව උබෙ ජොකා කො ඕක දීපන් මන් ඉක්මනට අයන් කරන්න උබ අත පුච්ච ගනී "

" හි හි හරි අම්මේ උම්මා......"

කවිදුත් ඉක්මනට ලෑස්ති වුනා සනු ආවා අයියගෙ කාමරේට අම්මගෙයි අයියගෙයි පිස්සුව බලන්න

" අ මෙන්න මෙයා තාම ඉන්නවා මන් හිතුව කුරුල්ලා වගේ වේලස්සනින් ගිහින්ද කියලා "

"නැ නැ මන් ඉන්නෝ තාම දැන්ම යන්නෑ...😒 "

"මට මොකෝ ගියත් නැතත් "

My Teacher || GL ||Where stories live. Discover now