සත්වන දිගහැරුම ~

341 36 10
                                    

සනූ නදී එක්කම හිටියා party එක වෙලේ ශයිනියි කවිදුයි බාර දීලා ගිය නිසා සනූ නදීට කරදර නම් කරේ නෑ කෙල්ල පැත්තකට වෙලා නදී දිහාම බලන් හිටියා

ඒ මේ ඒ ටීචමද මන් වශීවුණු කෙනාමද එදා මන් කිව්වෙ photo එකේ ඉන්නවට වඩා Live එකේ අස්සනයි කියලා අද කියනවා එව්ව වලට වඩා මගෙ ඇස් ඉදිරි පිට ලස්සනයි කියලා ඒත් මේ එයා වෙන්න පුලුවන්ද එකම නම තියෙන එකම හැඩරුව තියෙන ගොඩක් අය ඉන්නවනෙ මෙහෙ කොහොමද දැන ගන්නෙ ඒත් මේ එයානම් එදා අයියා මන් සල්ලි දාන්න කියද්දි ඒ ටීචව දැකලා මේ ඒ කෙනා කියලා කියනවනේද අනේ මන්ද මේ ඒ කෙනාමද කොහොමද අහන්නෙ මොනා කියලද අයියෝ......

සනූ නදී දිහා බලාගෙන හෙනට කල්පනාව නදීට තේරුනා සනූ එයා දිහා බලන් ඉන්නව කියලා හැරිල බැලුවා ඒත් කෙල්ල එයා දිහා බලන් හිටියට වෙන ලෝකෙක කියලා තේරුනේ නදී අත එහෙට මෙහෙට කරන කොට ගැස්සිලා අහක බැලුව නිසා ඒකට නම් නදීට හිනා ගියා

"මොකද නංගි වුනේ කොය ලෝකෙද එක පාර ගියේ "

" අ කොහෙවත් නෑ අක්කේ "

හයියෝ අක්කා දැක්කනේ මන් එයා දිහා බලන් ඉන්න එක ශී වස ලැජ්ජාව මෙතන ඉන්න ඔක්කොම අය මේ Company එකේ අය වෙන්න ඇති නේද මදාවියො වගේ එවුනුත් ඉන්නවනේ හනේ හනේ ඉතින් කමක් නෑ අයියා වෙනුවෙන් නේ ආවෙ අනික මාව බලා ගන්න දැන් නදී අක්කා ඉන්නවනේ අනේ මන්දා හලෝ මේ එයාමනම් මෙච්චර ඉක්මනට හම්බෙයිද මන් අහන්නෙ දවසනෙ Online දැක්කෙ මන් හිතන්නෙ මට මේ දැනෙන හැගීම් ආකර්ශනේ නිසා වෙන දෙයක් නැ කෙල්ලෙට ලව් කරන්න මන් ලෙස්බියන් නෙවෙනෙ 😒 හයියෝ මේ ගොන් අදහස් ආයෙ එනවා

" නංගී ඒ නංගි "

කවුරු හරි මට කතා කරනවා වගේ මන් මනෝපාරකද ඉන්නෙ ආයෙ කියන්න නම් එපා මන් නදී අක්කා දිහා බලන් ඉදලා එයා මාව දැක්කා කියලා

" අ ....ඔව් කියන්න අක්කෙ "

" අර අරපැත්තෙ ඉදන් අපිට කවිදු කතා කරනව එන්න කියල යමු අපි "

හයියෝ මේ අයියටත් ඉන්න දෙන්න බෑනෙ මට පැත්තකට වෙලා දැන් කොහොමෙයි මේ මිනිස්සු ගොඩ අස්සෙන් යන්නෙ මේ party එක Night Club එකක් වගේ අනික පොඩි තැනක ඒත් ලස්සනට තියේ ඉඩ තමා නැත්තෙ

My Teacher || GL ||Where stories live. Discover now