තිස්හත්වන දිගහැරුම ~ (THE END)

480 36 8
                                    

නදියි සනුදියි ඒ දෙන්නගෙ දවස දෙන්නා වෙනුවෙන් ගෙවලා රෑ වෙන්න කලින් ගෙදර ඇවිත් වොශ් දාලා දෙන්න දෙන්නගෙ තුරුලෙ නිදා ගත්තා හැබැයි උදෙන්ම පිස්සුවක් නටන්න බලාපොරොත්තුවෙන් තමයි

ඊලග දවසෙ උදේ

සනුදි ඊලග දවසෙ උදෙන්ම ඇහැරලා නදීවත් ඇදගෙන ගියේ කවිදුගෙ කාමරේට

"ඒයි බූරූ කොලුවො නැගිටිනවා බලනවා 9ත් වෙලා "

සනුදි මේ 9 කියලා කෑ ගැහුවට තාම 7යි

"මට තව ටිකක් නිදියන්න ඕනේ අම්මෙ"

කවිදු සනුදිට අම්ම කිව්ව එකට සනුදිගෙ Reaction එක දැකලා නදීට එකපාර හිනා ගියා අතෙන් කට වහගෙන හොදට පෙරලි පෙරලි හිනා වුනා

"හිනා වෙන්න හිනා වෙන්න මටත් වෙලාවක් එයි නේ ඒයි බූරුවො මන් අම්ම නෙවෙයි නංගි නැගිටහන් "

සනුදි කවිදුගෙ පස්සට පයින් පාරක් ගැහුවා ඇදෙන් වැටෙන්නම

"අඩෝ....කවුද ඩො මට ගහන්නෙ වරෙන් යකො කපනවා තමුන්ව "

කවිදු වැටුන ගමන් නැගිටලා ඇස් බාගෙට ඇරගෙන අත් කකුල් එහෙට මෙහෙට විසික් කර කර කිව්ව එකට නදීට තව හිනා

"මොකද යකො ඔය ජෝකර් වගේ අත් කකුල් ගහන්නෙ "

"මොකක් "

කවිදු හරියටම ඇස් ඇරලා බලද්දි තමා දෙන්නව දැක්කෙ

"අ මේ ඩබලනෙ මොකද මේ උදෙන්ම මට...නිදාගන්න දුන්නෙත් නැ "

ඈනුමක් ඇස්සෙ කියව කියව ආයෙ ඇදට පැන්නෙ නිදාගන්න කියලා හිතලා ඒත් නදී බෙශ්ශීට් එක ඇදලා ගත්තා

"අපි මේ උදේ පාන්දරින් ඇවිත් ඔයාව නැගිට්ටෙව්වා ආයෙ නිදියන්න නෙවේ කොල්ලො "

"අනේ තව ටිකක් නිදියන්න දෙන්නකො"

"බැ බැ අද ඔයාට වැඩක් තියෙනවා "

"මොකක්ද "

" Purpose කරන්න "

" ඇ කාටද "

"ශයිනිට "

"අ ශයිනිට "

කවිදු ශයුනිගෙ නම කියලා හිනාවක් දාලා ආයෙ නදීගෙ අතින් බෙශ්ශීට් එක ගත්තා

My Teacher || GL ||Where stories live. Discover now