විසිඑක්වන දිගහැරුම ~

242 23 6
                                    

නදී වොශ් එකක් දාලා සනුදි ගෙනත් දුන්න ඇදුම දාලා කන්නාඩිය දිහා බලද්දි නදීට අමුතු හැගීමක් ආවා තව ඒ ඇදුම් ගානට තියෙන්නවා සනුදි ගෙනාවෙ නදී ගෙදර තියලා ගිය නදීගෙම ඇදුම් එයා ඇදපුවා

"මේ ඇදුම මන් ඇදලා තියෙනවා වගේ ඇයි හිතෙන්නෙ මේ නංගිගෙ ඇදුම් වෙන්න ඇති නෙ අ.... ඔලුව වැඩිය හිතන්න හොද නැහැ ඒ ගැන "

කියලා හිනාවක් තියන් කාමරෙන් එලියට ගියා ඒ වෙලේ සනුදි පේන්න හිටියෙ නැහැ පස්සෙ නදී කාමරෙන් එලියට ආවා ඒ වෙලේ සනුදි පුටුවෙ ඉදන් tv බලනවා නදී පොඩි හිනාවක් එක්ක ජයනිට උදව් කරන්න කුස්සිය පැත්තට ගියා

"නැන්දෙ මන් උදව් කරන්නද"

"එපා දුවේ තව ටිකයි තියෙන්නෙ "

"නැ නැ මට පොඩි උදව්වක් හරි කරන්න ඕනේ "

"හනේ හනේ ඔයා සනුදි වගේ වෙන්න ඇවිත්"

Tv බල බල හිටිය සනුදි එයාගෙ නම ඇහුනහම කොරවක්කා වගේ ඔලුව දාලා කුස්සිය පැත්ත බැලුවා

" ඇ මගෙ නම කිව්වද "

නදීට සනුදි අහපු විදිහට හිනා ගියා

" නැ නැ කතා කලෙ නැහැ මන් කතා කරන වෙලාවට ඇහුනෙ නැහැ වගෙ ඉන්නවා කතා නොකලම වැඩියෙනුත් ඇහෙනවා "

"හි දන්නැත්ද අම්මේ ටිකක් ඩාන් වෙනො ඩූන් වෙනො "

"හරි හරි ඩූම් වෙමුකො "

"අනේ නැන්දෙ මොනා හරි දෙන්නකො උදව්වක් කරන්න "

"ම්... එහෙනම් අර අල ටික කපන්නකො අල හොද්ද හදන්න "

" හරි නැන්දෙ මන් කරන්නම් "

නදී හිනා වෙලා තබ්බලා තියෙන අල ටික සුද්ද කරලා කපන්න ගත්තා නදී කපාගෙන කපාගෙන යද්දි එයාගෙ ඇස් එකපාර පිය වෙලා ඇගිල්ල කැපුනා

"අ......ස් "

"දුවෙ මොකද වුනෙ අන්න කපා ගත්‍තා නේද ඒක තමයි මන් කිව්වෙ ඕක කරන්න බැහැ කියලා "

"පොඩ්ඩයි කැපුනෙ නැන්දෙ ගානක් නැහැ"

සනුදි අම්මගෙ සද්දෙට දුවන් ආවා කුස්සියට ජයනිට අමතක වුනා සනුදිට නදීගෙ අත දිහා බලන්න එපා කියන්න කෙල්ල ලේ දැක්කා

My Teacher || GL ||Where stories live. Discover now