විසිපස්වන දිගහැරුම ~

223 30 6
                                    

දවස් 2 කට පසු

(සනුදිගෙයි නදීගෙයි ආදරකතාව ගැන කිව්වොත් සනුදි දැනුවත්ව හෝ නොදැනුවත්ව එයයි නදියි එක්ට ගෙව්නු කාලය ආයෙ ගන්න උපරිම වැඩ කලා කවිදුනම් සාක්ශි හොයන්න හැම දේම කරන්න ලෑස්ති පිටනෙ පිටව ගියේ ඔහු එයා සාර්තක ලෙස කරන් යනවා)

"නදී අක්කේ අපි අද පාර්ක් යමුද මේ ලග එකක් තියෙනවා ඒකට යමුද "

"අදම යන්න ඕනද "

"ඔව් අම්මා කිව්ව අක්කා එක්ක යන්න කියලා "

(සනුදිට ඕනේ ඒ දෙන්නා ගෙව්ව කාලේ අයෙ මතක් කරන්න හැබැයි බලෙන් නෙවෙයි ඉබේම ඉතින් ඒකට මේ පොඩි පොඩි දේවල් කරන්නෙ පාර්ක් යන සිද්දිය සනුදි අම්මගෙන් තාම ඇහුවෙවත් නැහැ ඒත් බොරු කිව්වා නදීව එයත් එක්ක එක්කන් යන්න.)

"එහෙමද එහෙනම් යමු "

"යේ..... මන් ඉක්මනට ඇදුම් මාරු කරගෙන එන්නම් අක්කත් මාරු කරගන්න "

(සනුදි ඉක්මනට එයාගෙ කාමරේට දුවලා ගියා
දැන් නදීට මුල් කාලෙට වඩා ගොඩක් හොද නිසයි සනුදිට හිතුනෙ මෙහෙම පාර්ක් යන්න නදී අක්කට මොනා හරි මතක් වෙයි කියලා සනුදි නදී අක්කා එයාට අදින්න දුන්නු ගවුම පාටෙන්ම එයා ලග තිබ්බ එක ඇන්දා නදිත් එයා ලග තිබ්බ ඇදුමක් ඇදන් ඇවිත් සනුදි එනකන් පහල බලන් හිටියා සනුදි හෙමින් සැරේ ගවුම ඇදන් සුරංගනාවියක් වගේ පහලට ආවෙ නදීට පේන සේරම දේවල් එකපාර නවත්තවමින්)

නදී Pov

මේ මොකද මට වෙන්නෙ ඇයි මට අමුතු හැගීමක් එන්නෙ නිකන් මන් මේක මුලින් දැකලා වගෙ තව ඒ හිනාව ඒ බැල්ම මන් දැකලා තියෙනවා වගෙ ඇයි මට පොඩි ලමයෙක්ගෙ චායාවක් පේන්නෙ හැබැයි මූණ පැහැදිලි නැහැ ඇයි මගෙ හදවත මෙහෙම ගැහෙන එක මටනම් හිතා ගන්න බැහැ ප්‍රශ්න වරුසාවයි ඒත් එක දෙයයි දැන් මට තේරෙන්නෙ මගෙ ඔලුව හොදටම රිදෙනවා

"ආ........... "

(නදී ඔලුව අල්ලන් සෙටියෙ වාඩි වුනේ පඩිපෙලේ ඉන්න සනුදිව එයාගෙ ලගට දුවගෙන එන්න සලස්සවමින් )

"නදී අක්කේ අනේ මොකද වුනේ "

"මගෙ ඔලුව ගොඩක් රිදෙනවා සනුදි මට ඔයා ඇදන් ඉන්න ඇදුම දැක්කහම පොඩි ලමයෙක්ව පෙව්නා කවුද කියලා දන්නෙ නැහැ"

My Teacher || GL ||Where stories live. Discover now