විසිහත්වන දිගහැරුම ~

247 36 18
                                    

ජයනි phone එක ස්ටූල් එකෙන් තියලා සනුදිට ඉගි කරලා එයාට උඩ කාමරේට එයත් එක්ක යන්න එන්න කිව්වා සනුදි බය වෙලා ඉන්නෙ හොදටම මොකද එයා අම්මව මෙහෙම දැකලා තියෙන්නෙ ගොඩක් කේන්ති ගියහම නිසා නදී සනුදිටත් වඩා බය වෙනා ඉන්නෙ එයා කිව්ව දේ නිසා සනුදිට බැනුම් අහන්න වෙයිද කියලා

"මෙහෙට එන්න ඔය දොර වහන්න "

"මො මොකද අම්මෙ වුනේ "

සනුදි දොර වහලා බයෙන් බයෙන් අම්මා ලගට ආවා

"මන් එකම එක ප්‍රශ්නයක් අහන්නම් ඒකට ඔව්ද නැත්ද කියලා විතරක් කියන්න වෙන මුකුත් කියන්න එපා "

"ඒත් ඇයි "

"ප්‍රශ්න අහ්හ එපා මන් මේ ගැන ගොඩක් කල්පනා කරලා තීරනේ කලේ මන් අහන දේට ඔව් නැ දෙකෙන් එකක් මතක තියා ගන්න "

"හරි අම්මෙ "

"ඔයා නදීට ආදරේ කරනවද එයාට කැමතිද "

සනුදි හීනෙන් අවදි වුනාවගෙ එකපාර ශොක් වුනා මොකා එයා කාටවත් නොකිව්ව රහස එයාගෙ අම්මා එකපාර එයාගෙන් අහන නිසා

"මො..මො..මොනාද අම්මෙ මේ අහන්නෙ මන් ඉතින් නදී අක්කට ආදරෙයි "

" නැ නැ සහෝදරියක් විදිහට ආදරේ නෙවෙයි මන් අහන්නෙ ආදරවන්තිය ජීවිතේ බෙදාගන්න ආසකෙනෙක් විදිහට ඔයා කැමතිද "

ජයනිගෙ ඇස් දිහා බලනකොට සනුදිගෙ බය තව වැඩි වෙනවා දාඩිය දාගෙන ගොත ගගහා එයාගෙ තීරනේ කියන්න හද්දි පහලින් නදීගේ කෑ ගැහිල්ල ඇහිලා දෙන්නා පහලට දුවගෙන යනවා

"අක්කේ.......!!! "

"නදී!!! "

දෙන්නා පහලට යනකොට දකින්නෙ ජගත් නදීගෙ කොණ්ඩෙන් අල්ලගෙන පිහියක් දික් කරන් ඉන්න එක ජයනිට තවත් හොදටම කේන්ති ගියා

"ජගත් ! මොනාද මනුස්සයො මේ කරන්නෙ ආ ඔය කෙල්ලව අත් ඇරපන්"

"ආ.... මගෙ නෑනන්ඩි "

"මන් උබෙ නෑනා වුනේ කොහොමද ආ "

"නෑනා දන්නවනෙ මගෙ කෙල්ලයි නෑනගෙ කොල්ලයි ආදරේ කරනවා කියලා ඉතින් අපි නෑදෑයෝ "

නදීගෙ කොන්ඩෙ තව ඇද්ද නදී ආයෙ වේදනාවෙන් කෑ ගැහුවා

" මිනිහො අත හැරපන් නදීව "

My Teacher || GL ||Where stories live. Discover now