දසවන දිගහැරුම ~

290 31 13
                                    

පසුවදා උදෑසන

" ඕයි ගෑනියේ නැගිටහන් නදී අක්කා Location එවලා "

අද වෙනසකට උදෙන් සනුදිගෙ කාමරේට ආවෙ අයියා යකා ගහල වගේ නිදියන් ඉන්න කෙල්ලට කොට්ටෙන් ගහල ඇහැරෙව්වෙ

"ආ.... අම්මේ ඒක රිදුනා "

"අම්මා නෙවේ යකු අයියා වෙලාව බලහම් 8 යු තෝ හොදට හීන බල බල නිදි ඉක්මනට කාලා බීලා ලෑස්ති වෙලා හිටහන් Class එක 1 ට උබව ගිහින් දාන්න ඕනා "

"අප්පට අද සෙනසුරාදා නේ ෆිසිකල් නේ Class දෙයියනේ මාව වේලස්සනින් ඇහැරවන්න එපැයි දැන් වෙලත් නැ ගොඩක් "

" යකො ඉක්මනට වොශ් දාලා කාලා බීලා ඇදන් හිටපිය තව වෙලා තියෙනවා මන් වොශ් දාගෙන එන්නම් "

"හි හි හරි අයියේ මගෙ සුදු අයියා උම්මා...."

"ඊයා ගෑනියෙ ඈතට වෙලා හිටපිය "

"ම් ම් මන් උම්ම දුන්නහම ඈතට වෙනො ශයිනි අක්කගෙන් ඉල්ල ඉල්ල යනෝ නේ "

"අඩො මී හරකි බොට "

කවිදු ලගට එන්න කලින් සනුදි ඇදෙන් පැනලා ඉක්මනට වොශ් රූම් එකට ගිහින් දොර ලොක් කර ගත්තා

"ඕක අස්සෙ හැංගුනාට වැඩක් නැ මට උබව අල්ල ගන්නම් එලියට කොය වෙලේ හරි එනවනෙ "

"හූ හූ එන්නෑ "

" හා හා හිටපන් Class යන්න එපා මන් නදී අක්කට කියන්න උබ අද Class එන්නැ කියලා "

"අඩේ අයියේ මයෙ සුදූ එහෙම කරන්න එපා මන් තව පැයෙන් එනවා "

"ම් හා හා වරෙන් කො මන් ගියා "

සනුදි පැයක් තිස්සෙ සිංදු කිය කිය නට නට නාලා ඉවර වෙලා ඇදුමක් ඇදගෙන Hair dryer එක හොයන්න ගත්තා

"අම්මේ........මගෙ Hair Dryer එක දැක්කද...!! "

කාමරෙන් එලියට ඇවිත් පඩිපෙලේ ඉදන් කෑ ගැහුවා

"කාමරේ නැත්ද දරුවො "

"නෑනෙ..! "

"අයියගෙන් අහන්න "

"ඒකා ගත්තද "

" මන් දන්නෙ නැ ලමයො අහලා බලන්න"

සනුදි ගියා කවිදුගෙ කාමරේට Hair Dryer එක ගන්න කියලා එතකොට කෙල්ලට කාමරේ හරියෙන් කවිදු හිනා වෙන සද්දයක් ඇහුවා කෙල්ල හෙමින් සැරේ කාමරේ දොර ලගට ඇවිත් අහන් හිටිය කවිදු කා එක්ක හරි හිනා වෙවී කතා කරනවා එහෙම ඉද්දි කවිදු එකපාර සනුදිව දැක්කා කොල්ල බය වුන පාර

My Teacher || GL ||Where stories live. Discover now