දහඅටවන දිගහැරුම ~

277 29 30
                                    

ශයිනිට කවිදුගෙ අම්මගෙ ඔඩොක්කුවෙ ඇඩුව නිසා එතන ඔලුව තියාගෙනම නින්ද ගිහින් සනුදි නිදිමතේ හිටියට නදී ගැන ආරංචියක් ලැබෙනකන් කෙල්ලගෙ හිතට නිදහස් නැ මෙයාලා ඉස්පිරිතාලෙට ආවේ 4  වගේ දැන් වෙලාව 8යි ඩොක්ටර් රූම් එකෙන් එලියට ආවෙ සනුදිව ඉක්මනට බිමින් නැගිටින්න ශක්තියක් දෙන ගමන් සනුදි ඉක්මනට ඩොක්ටර් ලගට ගියා

" ඩොක්ටර් කොහොමද අක්කට එයා හොදින් "

සනුදිගෙ සද්දෙට අම්මයි ශයිනියි දෙන්නම නැගිටලා ඩොක්ටර් ලගට ආවා

"එයාගේ ඔපරේශන් එක සාර්තකව සිදු වුනා බය වෙන්න දෙයක් නැහැ එයා 100%ක් සුරක්ශිතයි "

"ආයෙ එයාට මෙහෙම කිසිදෙයක් වෙන එකක් නැහැනේ "

" වෙන්නෙ නැම කියන්න බැහැ එයාට වැඩිය ඔලුව වෙහෙසන්න දෙන්න එපා එයාව පොඩි කාලෙ ඉදන් දන්න අයද ඔයාලා "

" නැහැ අපි එයාගෙ යාලුවො "

" එහෙමද එයාව පොඩි කාලේ ඉදන් දන්න අයව විතරයි දැන් එයාට මතක් වෙන්නෙ මන් කිව්ව වගේ මේ ඔපරේශන් එකෙන් එයාගෙ මොලේ ගැස්සිල තියෙන රුදිර නාල වල පීඩනය අඩු කල ස්නයු සම්බන්ද සැත්කමෙන් එයාට ඉස්සර ඒ කියන්නෙ එයාට පොඩි කාලේ වුන accident එකට ඉස්සෙල්ලා විතරයි මතක ලගදි හම්බුන අය මතක නැහැ ඒ නිසා එකපාර එයාගෙ ඉස්සරහට යන්න එපා හෙමින් හෙමින් එයාට මතක් කරන්න "

"අනේ ගොඩක් පින් සර් අපිට එයාව කීයට වගෙද බලන්න පුලුවන් වෙන්නෙ"

"දැන් ඔපරේශන් එක කරපු ගමන් නිසා දැන්මනම් යන්න බැහැ හෙට බලන්න පුලුවන් මන් කිව්ව වගේ එයාව පොඩි කාලේ දන්න කෙනෙක්ට එයාව මුලින් හම්බෙන්න දෙන්න "

ඩොක්ටර් එහෙම කියලා එයාගෙ රූම් එකට ගියා

නදීව පොඩි කාලේ ඉදන් දන්න කෙනෙක් ඕනා කිව්වහම ජයනි ටිකක් බය වුනා මොකද එයා පොඩි කාලෙ ඉදන් දන්න කවුරුත් ජීවතුන් අතර නැහැ නදී ජයනිව පොඩි කාලේ දැක්කට එයාට එයාව මතක තියෙයිද කියලා සැකයි ඒත් එයා උත්සහය අත් හැරියෙ නැහැ කවුරුහරි නැති වුනොත් එයා හරි යනවා කියලා මතයෙ හිටියෙ

"නෝනේ නදීව පොඩි කාලේ ඉදන් දන්න කවුරුත් ජීවතුන් අතර නැහැනෙ නදී අපි දෙන්නව පොඩි කාලේ ඉදන් දන්නවා වුනත් මතක තියෙයිද "

My Teacher || GL ||Where stories live. Discover now