විසිවන දිගහැරුම ~

252 28 9
                                    

ඊලග දවසෙ කවිදු උදේන්ම ඇහැරුනා දසුන් එක්ක තව විස්තර ටිකක් කතා කරගන්න ශයිනි නම් ඒ වෙලේ නිදි කවිදුට කෝල් එකක් ආවා සනුදිගෙන් නදී ඇහැරුනා කියලා කොල්ල සතුටු වුනා ශයිනිට පස්සෙ කියනව කියලා ගෙදර අයගෙ විස්තර ඇහුවහම හිටිය වගෙමයි කියලා කවිදුට කේස් එක ගැන තව හොයන්න දිරිය දුන්නා කවිදු එයා හොයා ගත්ත ඒවා සම්පූර්ණෙන් ඇත්ත නොවෙනකන් ගෙදර අයට කියන්නෙ නැහැ කියලා තීරනේ කලා එයා සනුදිට තියන්නම් කියලා phone එක කට් කරලා කවිදුයි දසුනුයි සාකච්චා කලා

Phone එක තියලා සනුදි නදී හිටිය රූම් එකට ගියා නදී හිනා වෙලා කතා කලා

"ඔයාලා නේද මාව මෙහෙට එක්කගෙන ආවෙ "

" ඔ..ඔව් අක්කෙ "

"අ මට වඩා බාලයිද වයස කීයද "

මෙතනදි තමා සනුදිගෙ කටපැටලුනේ මොකක් කියන්නද කියලා ඔලුවට ආවෙම නැහැ එතකොට අම්මා ආවා

" නදී දුවේ කොහොමද දැන් "

" අමාරුවක් නැහැ නැන්දේ"

"සමාවෙන්න දුවේ එකපාර මන් අම්මගෙ සිද්දිය කිව්වහම "

"කමක් නැහැ නැන්දේ ඇත්ත තිත්ත වුනත් කවද හරි දැනගන්න වෙනවනේ "

"ම් ඔව් ඒත් පුතා නැගිට්ට ගමන් කිව්ව නිසා එක පාර ශොක් වෙන්න ඇති නේ "

"ඔව් නැන්දෙ අම්ම කොහොමද නැති වුනේ කියලා කල්පනා කල නිසා ඒක වුනේ "

" කල්පනා කරන්න එපා පුතේ අම්මා ඉන්න තැන ඉදන් ඔයා දිහා බලල සතුටු වෙනවා ඇති "

" ඒක නෙවෙයි අම්මා කොහොමද මගෙ accident එක දවසෙ මැරුනෙ මට මතක විදිහට නැන්දනෙ මාව ගන්න ආවේ "

ජයනිට කටඋත්තර නැති වුනා ප්‍රශ්න පිට ප්‍රශ්න අහන නදීට උත්තර දෙන්න අමාරු වුනා ඒ වෙලාවෙ දනුක ආවා ඒ කියන්නෙ සනුදිගෙ තාත්තා ආවා

" දනුක මාමේ දැක්ක කල් ඉස්සර වගේමයි ටිකක් තව හැන්සම් වෙලාද මන්දා "

"අනේ කෙල්ලෙ විහිලු නොකර හිටු අවුරුදු 22 ලොකු කොල්ලෙක්ගෙ තාත්තෙක් මන් "

ඒක ඇහුනහම නදී පුදුම වුනා ජයනි දනුකට රැව්වා නිකන් මොන කෙහෙල් මලකටද ඒක දැන් කිව්වෙ වගේ දනුක බිම බලාගෙන ඔලුව කැසුවා නදී ආයෙ දෙන්නා දිහා බැලුවා මොකද එයා අන්තිම පාර කව්දුව දකිද්දි වයස 9ක් වගේ තිබ්බෙ

My Teacher || GL ||Where stories live. Discover now