දහ හතරවන දිගහැරුම ~

295 34 18
                                    

( ආයේමත් සනුදිගෙ pov එක එන්නෙ ඔන්න මතක තියාගන්න )

පහුවදා උදෑසන

සනුදි නදීව හග් කරගෙන තාම නිදි මේ දෙන්නා නිදි අතරේ අමුත්තෙක් ආවා ඔව් ඔව් වෙන කවුද ශයිනි තමා එයා දෙන්නව දැකලා එකපාර බයත් වුනා හිනත් ගියා ඉන්න විදිහට

"ඈ බොලේ මෙන්න මේ දෙන්නා වලස් පැංචා වලස් අම්මව බදන් ඉන්නො වගෙනෙ 😂 "

ශයිනිට හිනා හොදටම ඒත් ඒක ශේපෙට නවත්තගෙන එයාගෙ කාමරේට දුවලා ගිහින් phone එක අරගෙන ඇවිත් දෙන්නගෙ photo එකක් හොරෙන් ගත්තා පස්සෙ දෙන්නව ඇහැරවන්න ලගට ගියා

" ඒ හලෝ නැගිටිනවා " නදී ලගට ගිහින් එයාගෙ අත හෙලෙව්වා

"ම්....දැන්ම බෑ අම්මේ " නදී නිදිමතෙ සනුදිව තව තුරුලට අරන් දෙන්නගෙ උණුහුම එක්ක නිදාගත්‍තා

" අඩො නැගිටහන් මන් අම්ම නෙවේ නංගි 😒 " ශයිනි නදීට අතෙන් පාරක් දුන්නා

" ආව් කවුද මෙ අ නංගි "
නදී එකපාර බය වුනා ශයිනී ඉන්න විදිහට මෙච්චර වෙලා හිනා වෙවී හිටිය කෙල්ල බොරු කේන්තියක් අරන් රවන් බලන් ඉන්නෙ

" ම් නංගි තමා මොකෝ මේ අම්මයි දුවයි වගේ "

"මොකක් අ නැ නැ අම්මයි දුවයි නෙවෙ මේ නිකන් හිටියෙ"

නදී සනුදිගෙ අත හෙමින් සැරේ එයාගෙ ඇගෙන් වෙන් කලා සනුදි තාම නිදි කියලා හිතාගෙන

" මට පේනවා නිකන් වගේ මේ පොඩි කෙල්ලට  ඔයා කැමතිද අ "

"ම් මොක..මොකක් නැ නැ එහෙම නැ මෙයා මගෙ නංගි වගෙනේ මට කොල්ලෙක් ඉන්නවා "

" හ්ම් එහෙනම් කමක් නැ දෙන්න ඉන්න විදිහට Couple එකක් වගෙ "

නදී පොඩ්ඩක් හිනා වෙලා වොශ් රූම් එකට දුවලා ගියා නදී බයයි එයාගෙ හැගීම් ශයිනිට කියන්න මොකද කෙල්ලට බ්‍රේක් නැ ඕක හැමෝටම කියනවා අනිවා

" නංගී සනුදි නංගී "
සනුදිට තට්ටු කලා

"ම් අම්මෙ මට තව ටිකක් නිදියන්න ඕනේ "

"ඇයි යකූ තාම 25ක් වත් වෙලා නැති මට අම්මා කියන්නෙ මේ දෙන්නා 😒 ඒ නගෝ මන් ශයිනි අක්කා අම්මා නෙවේ "

My Teacher || GL ||Where stories live. Discover now