සතරවන දිගහැරුම ~

416 37 2
                                    

කිව්ව වගෙම සනුදි ඇහැරුනෙ ඊලග දවසෙ උදේ අම්මත් වෙනදා වගේම බැන බැන කාමරේට ආවා ඒත් මේ පාර අම්ම දැක්කෙ අමුතු දෙයක් මොකක් දන්නවද සනුදි පාන්දර ඇහැරිලා අර Teacher ගෙ Youtube Video හිනා වෙවී බලනවා ඒකෙ සිහිය නිසාමද කොහෙද අම්මා බනින ඒවත් සනුදිගෙ කන ලගින් ආයෙ හැරිලා ආවා

" අප්පද බොල අද වහීද දන්නෙ නැ මෙන්න බොලේ කෙල්ල උදෙන් ඇහැරිලා ඒ මදිවට පිස්සා වගේ හිනා වෙනෝ යකෝ මේකි කා එක්කද මේ හිනා වෙන්නෙ කොල්ලෙක්වත් සෙට් වෙලද අ කො බලමු "

කියල අම්ම හෙමින් සැරේ සනු ලගට ආවා බනින්න ආව අම්මට දැක ගන්න ලැබුනෙ ලැබුනෙ Media උගන්වන Teacher කෙනෙක්ගෙ Video එකක්  ඒක බල බල නෙ මේ සනු පිස්සා වගේ හිනා වෙන්නෙ

" ඈ බොල මේ මිස් උගන්වන එකට මේකිට මෙචචර හිනා වෙවී බලන්න තියෙන්නෙ මොකක්ද මේකි බලන්නෙ ටීචව කයි වගෙනෙ අනේ අනේ මේ ලමයත් ඒ කෙල්ලෙ දුවේ...."

සනුදිව හෙලෙව්ව තට්ටු කරා මේකි නෙවෙනෙ හැරිලවත් බැලුවෙ

" මේක හරියන්නැ මේ වීඩියෝවක් බලන ගමන් මන් කියන දේ ඇහෙන්නෙ නැත්ත් ඒයි කෙල්ලේ......"

කන ලගටම කිව්ව ගමන් සනුදි ගැස්සිච්ච ගැස්සිල්ලට පුටුව එක්ක බිම වැටුනා

"ආ........ව් මගෙ පස්ස මොකද මොකද වුනේ ඇයි කෑ ගැහුවෙ "

"නිකන් බැලුවෙ උබ මොකෝ පිස්සියෙක් වගේ මේ ටීච දිහා බලලා හිනා වෙන්නෙ ආ "

"හෑ.....මන් හිනා වුනාද "

" නෑ උබ ඇඩුවා දැන් මන් කිව්වෙ හිනා වුනා කියලා "

My Teacher || GL ||Where stories live. Discover now