දහසය වන දිගහැරුම ~

265 27 5
                                    

ආයෙ කට්ටිය නැගිට්ටෙ ඉරිදා උදේ නදී උදෙන්ම ඇහැරිලා ගියා ශයිනිගෙ කාමරේට කෙල්ල තාම නිදි ඒත් නදී එයාව ඇහැරෙව්වා 😼

"ඒ පිස්සි ඇහැරෙන්න "

"අ....මොකක් නිදිය ගන්න දෙන්න හලෝ"

" යකු ඇහැරෙනවා මට දෙයක් අහන්න තියෙනවා "

"මට බැහැ ඔයා මගෙ කාමරේ ඉදන් මදුරුවා වගේ කියවන්නෙ නැතුව ගිහින් 1ට වගෙ එනවද මට නිදිමතයි "

බෙශ්ශීට් එක ඔලුවෙ ඉදන් පොරවන් නිදිය ගත්තා

" එහෙමද හරි හරි එහෙනම් කවිදු කිව්ව එක මන් වෙන දවසක කියන්නම්"

කවිදුගෙ නම ඇහුන ගමන් නදීවත් බය කරන් බෙශ්ශීට් එක එකපාරම ඇගෙන් විසි කරලා ඇදෙන් නැගිට්ටා

"මොකක් කවුරු කවිදු මොනාද කිව්වෙ එයා ආ කියනවකො අක්කේ "

"ම් දැන් මොකක්ද කිව්වෙ මට නිදාගන්න දෙන්න  කියලා නේ දැන් මොකො අහන්නෙ "

"ඒ ඉස්සෙල්ලා දැන් කියන්න "

නදී ඇවිත් ඇදේ කොනට ඉද ගත්තා

"මට මේක කියන්න ඔයා කවිදුට කැමතිද "

ඒක ඇහුවහම ශයිනිගෙ මූණෙ තිබ්බෙ කලබලයක්

"අ නැ එහෙම නැ යාලුවෙක් විදිහට කැමතියි ආදරවන්තයා විදිහට නැහැ"

"මන් ඔයාගෙන් ඔයා එයාට කැමති යාලුවෙක් විදිහටද ආදරවන්තයෙක් විදිහටද කැමති කියලා ඇහුවෙ නෑනේ ම් එකපාර් කිව්වෙ ඔයාට කැමැත්තක් තියෙනවද "

ශයිනි බිම බලාගෙන ඔලුව වැනුවා නදීගෙ මූණට හිනාවක් ආවා

"ඒ නංගි ශෝක් නේ අනේ කවිදු කියන්නෙ හැසිරීමෙන් පෙනුමෙන් හොද කොල්ලෙක් එයාගෙ පවුලෙ අයත් හොදයිනේ "

"ඒත් අක්කේ තාත්තා කැමති වෙන්නෙ නැහැ "

"ඒ ඇයි තාත්තා දන්නවද මේ ගැන "

"එයාට ඒක තේරිලා එදා එයාලා ඔක්කොම මෙහෙ ආව දවසෙ මන් කවිදු දිහා බලන් ඉන්න විදිහට "

"මොකෝ තාත්තා කිව්වෙ "

"උබට ඒ කොල්ලා හරියන්නෙ නැ මන් හොද කොල්ලෙක් හොයලා දෙන්නම් එයාව බදින්න කියලා "

My Teacher || GL ||Where stories live. Discover now