පහලොස් වන දිගහැරුම ~

304 33 24
                                    

ඊලග දවස

අද දවස සෙනසුරාදා ඒ කියන්නෙ සනුදිගෙ ආසම දවස හැබැයි අද වෙනස් අද ආසාව ඊයේ ඉදන්ම සම්පූර්ණයිනේ බ්‍රහස්පතින්දා ඉදන් සනුදි හිටියෙ නදී එක්කනෙ

උදේ නැගිටිනකොටනම් නදීට දැනුනෙ හාල් ගෝනි දෙකක් එයාගෙ ඇගේ කියලා මොකද එයාව හග් කරන් නිදියන පුරුද්ද සනුදිට වගෙම ශයිනිටත් තියෙනවා

"දෙයියනේ මේ කෙල්ලො දෙන්නම මගෙ ඇගේ මෙච්චර ලොකුවට ඇදක් තියෙද්දි එකක් නෙවේ ඇදවල් දෙකක් තියෙද්දි මගෙ ඇගේමනේ ඉන්නෙ හනෙ හනේ මන් නිකන් බෙයා කෙනෙක් වෙන්න ගිහින් අම්මගෙ කීමට මනුස්ස දුවක් වුනා වගෙ 😒 අම්නේ තවනම් බැ කොන්ද ලෙෆ්ට් තමා "

නදී හෙමින් සැරේ සනුදිවයි ශයිනිවයි එයාගෙ ඇගෙන් ඈත් කලා පස්සෙ නැගිට්ටා ඊයේ ශයිනියි සනුදියි එකට ඉද්දි එයාට තේරුනා ශයිනි සනුදිට සලකන්නෙ මන් එයාට සලකනො වගේ ඒ කියන්නෙ එයාගෙම නංගි වගේ ඒ නිසා නදී ඊයෙන් පස්සෙ ශයිනි සනුදි එක්ක ඉන්න එකට ඕනවට වඩා කේන්ති ගත්තෙ නැහැ ඒත් ටිකක් විතර ජෙලස් ගතියක් නැත්තෙමත් නැ

කෙල්ල ඇද ලග තිබ්බ එලාම් එක බැලුවා වෙලාව 8.00 යි තාත්තා රෑ ඇවිත් නැහැ කියලා තේරුනා phone එක අරන් කවුරුහරි කතා කරලද බැලුවා කවිදු මිස් කෝල් එකක් ගහලා පස්සෙ msg එකක් දාල තිබ්බා

"අක්කේ අද අක්කගෙ class එකනේද මන් සනුදිගෙ පොත් ටික අරන් එන්නම් එතකොට එයාට ලේසීනේ මන් අම්මට කිව්වා "

කවිදුගෙ msg එක දැක්කහම තමා කෙල්ලට මීටර් වුනේ අද සෙනසුරාදා කියලා අනික එයාගේ class එක ඒකත් 1ට කියලා කෙල්ල ඉක්මනට ඒකට

"හරි කවිදු ඔයා අරන් එන්න "

Reply කරලා සනුදිවයි ශයිනිවයි ඇහැරන්න phone එක තියලා ගියා

නදී සනුදි ලගට ගිහින් එයාගෙ අතට තට්ටුවක් දාලා කතා කලා කෙල්ල නෙවේ ඇහැරුනේ පස්සෙ මූණට තට්ටු කලා ඇහැරුනෙ නැහැ පස්සෙ නදී හිතුවෙවත් නැති විදිහට සනුදි නදීගෙ අත අරන් හග් කලා බෙශ්ශීට් එකක් වගේ නදීට පුදුමෙ එක්කම් හිනා ගියා එයාගෙ අතර සනුදිගෙ කම්මුල් තැලිලා තියෙන එකට නදී එහෙම අත තියෙද්දි

My Teacher || GL ||Where stories live. Discover now