එකොළොස්වන දිගහැරුම ~

304 36 24
                                    

කවිදු එතන කව්න්ටර් එකේ හිටිය ගැහැනු කෙනාට කතා කලා

"Excuse Me "

"Yess "

" නදීශා මිහිරණ්ගනී Miss මෙහෙද Media Class කරන්නෙ "

" අ ඔව් සර් ඔයා කවිදුද සනුදි කියන ලමයව දාන්න ආව "

"ආ ඔව් Miss "

"ඔව් මෙහෙ තමයි ඔතනින් ඇතුලට ගිහින් දකුණට හැරිලා වම් පැත්තෙ Class එක "

"Ok Thankyou Miss "

"නගේ එන්න යන් "

ඒ නම ඇහුවහම සනුදි ගල් වුනා කිසිම හැලහොල්මනක් නැතුව ඉන්න සනුදිව ඇදන් කවිදු ඇතුලට ගියා සනුදි හොලමන් වෙලා ඉන්නෙ ඒ කිව්ව නම තියෙන කෙනෙක්ට සනුදි පොඩි කාලේ ආදරේ කර නිසා ඒක කවුරුත් දන්නෙ නැ එතකොට සනුදිට වයස 15 ක් වගෙ ඇති ඉස්කෝලෙ යන කාලේ නදී එයාලා යන බස් එකේම යන්නෙ නදීගෙ යාලුවො එයාට නදීශා තව මිහිරණ්ගනී  කියලා එයාගෙ නම කියනව සනුදිට ඇහිලා තියෙනවා කෙල්ල මුලින් Class එකේ Poster එක බැලුවත් ඒකේ තිබ්බෙ නදී චතුරිකා කියල නිසා තමයි සනුදිට ඒක තේරුනෙ නැත්තෙ කෙල්ලට හොල්මන් වගේ ඔක්කොම

කෙල්ල හිතන් හිටිය කෙනා නෙවෙ දැන් මේ ඉන්නෙ සනුදිගෙ පලවෙනි ආදරේමයි මේ එයාගෙ ලගට ආයෙ ආයෙ එන්නෙ ඒක හරිම පුදුමයක් සනුදිට නදීශව අමතක වෙල තිබ්බෙ එ කිව්වෙ එයාව අමතක නැ ඒ සිද්දි අමතකයි මොකද O/L pressure එක එයාට ආව නිසා ඒව අස්සෙ ඔව්ව මතක තියා ගන්න බෑනේ ඒත් එයාගේ රූපේ අමතක වුනේ කොහොමද කියලා හිතා ගන්න බැ

"ඕයී..! ගෑනියෙ මන් කියන එක ඇහෙනවද "

කවිදු කන ලගට කරලා හයියෙන් කෑගැහුවයින් පස්සෙ දාඩිය ටිකක් දාගෙන හරි සිහිය ආව සනුදිගෙ ඇස් වල තිබ්බෙ බයක්

"ආව් මගෙ කන මොකද කෑ වගහන්නෙ"

" එ මොකෝ මේ බය වෙලා බය වෙන්න එපා ඔයගෙ නදී අක්කා ඉන්නෙ "

" ඔව් මන් දන්නවා "

"ම් ම් යන් ඇතුලට "

කවිදුයි සනුදියි ගියා නදීව හම්බෙන්න නදීට බාර දීලා කවිදු නදී ගෙදරට යන්න දුන්නු Address එකට යන්න ගියා නදී සනුදිගෙ අතින් අල්ලගෙන Class එකට එක්ක ගියා

My Teacher || GL ||Where stories live. Discover now