විසිහතරවන දිගහැරුම ~

228 27 2
                                    

පහුවදා උදේ කවිදු ඇත්ත දැන ගන්න හැම උත්සහයම ඒ දවසෙ යෙදුව දසුන්ගෙ මාර්ගයෙන් ඒ මොන්ටිසෝරි කේස් එක ගැන හොයපු පොලිස් කණ්ඩායමේ නිලදාරියකගෙ සහය ඇතුව මොකද වුනේ කියලා හොයා ගන්න හැදුවා

"කවිදු මන් කිව්වෙ මන් අදුරන Inspector කෙනෙක් ඉන්නවා 2010 මොන්ටිසෝරි කේස් එකට සම්බන්ද කියලා එයා තමයි මෙ Inspector Ravidu ඒ කේස් එකේ මොකක් හරි හේතුවක් නිසා මේ සර්ව අස් කරලා එයා කිව්වා අපිට ඕන විස්තර කියන්නම් කියලා"

"අනේ බොහොම ස්තූතියි දසුනයො "

කවිදු රවිදු එක්ක කතා කරන්න ගත්තා ශයිනිත් කවිදු ලගට ඇවිත් වාඩි වෙලා කිසි බාදාවක් වෙන්නෙ නැති වෙන්න සේරම විස්තර ටික අහගත්තා

" මට දසුන් පොතා කිව්වා මේ පුතාට අවුරුදු 13 කලින් වුන ඒ බයානක සිදුවීමෙ සාක්ශි රහස් දැනගන්න ඕන කියලා "

"අනෙ ඔව් සර් මට කියන්නකො මොකද ඒ සාක්ශි වලට වුනේ කවුරුත් හිරේ ගියෙ නැත්තෙ ඇයි ඒක මටනම් හිතෙන්නෙ කවුරු හරි හිතලම කරන්න ඇති කියලා "

"ඔයා හරි පුතේ ඒක හිතලා කරපු දෙයක් තමයි "

"මොකක් එහෙනම් මගෙ සැකය ඇත්තක් ඒකට සාක්ශි හම්බුනේ නැත්ද "

"හම්බුනා ඇස් දෙකට ඒ කරපු දේ දැක්ක කෙනෙක් හම්බුනා ඒ ස්ටේජ් එකේ පිටිපස්සෙ තිබ්බ වයර් කපන ආයුදයක් හම්බුනා ඇගිලි සලකුණුත් තිබ්බා "

"ඉතින් එහෙම තිබ්බනම් මොකද කාවවත් ඇල්ලුවෙ නැත්තෙ "

"බලය පුතා ලොකු අයගෙ බලය අපිට හම්බුනු ඔක්කොම සාක්ශි නැති කලා එක මන්ත්‍රී කෙනෙක්ගෙ කීමට ඒ කෙනාගෙ ගෝලයෙක් ඔය මිනී මැරුම කරලා තියෙන්නෙ මොන හේතුවකට කරාද දන්නෙ නැහැ පුතා දන්නවද ඇයි මාව අස් කලේ කියලා "

" මන් ඒකනම් දන්නැ සර් ඒත් එකක් දන්නවා ඔය ලොකු පම්පෝරිකාල පාලකයා ඉන්නකන් අපිට මිනීමරුවෙක්වත් හිරේ යවන්න බැරිබව "

"ඔව් පුතා ඒක ඇත්ත මාව අස් කලෙත් ඔය කේස් එකේ මගෙ ලග තිබ්බ සාක්ශි ටික මන් විනාශ කලේ නැති නිසා මරණ තර්ජනත් ආවා "

"දෙයියනේ සර්ගෙ පවුලෙ අයට කරදරයක් වුනේ නැහැනේද "

"මට පව්ලක් ඉන්න එපැයි පුතේ කරදරයක් වෙන්න "

My Teacher || GL ||Where stories live. Discover now