දහනමවන දිගහැරුම ~

319 32 40
                                    

කට්ටිය උදෙන් නැගිට්ටෙ නර්ස් ඇවිත් ඇහැරෙව්වහම

"මිස් මිස් "

ජයනි හෙමින් සැරේ ඇහැරුනා

"ඔව් දුවේ "

"ඔයාලා එක්කන් ආව පේශන් ඇහැරලා ඉන්නෙ එයා එයාගෙ අම්මව අහනවා ටිකක් බලනවද "

"අහ් හරි දුවේ මන් ගිහින් බලන්නම් "

"ඕකේ මිස් පරිස්සමට ඩොක්ටර් කිව්ව ඒවා මතක ඇති නේ"

ජයනි හොද හුස්මක් අරන් නදී ඉන්න රූම් එකට ගියා එයාගෙ පස්සෙන් ශයිනියි සනුදියිත් ගියා නදී ඉන්නෙ ඇදේ සේලයින් බඩයක් එල්ලන් ජයනි හෙමින් සැරේ ගිහින් එයාගෙ මූණ ඇල්ලුවා නදී ඇහැරුනා

"ජයනි නැන්දේ...."

නදී හිනා වෙලා කිව්වා එයා සනුදිවයි ශයිනිවයි ඇස් දෙකෙන් පරික්ශා කලා

"මේ දෙන්නා ආවෙ මාව බලන්නද "

සනුදියි ශයිනියි මූණට මූණ බලල ජයනි දිහා බැලුවා එයා ඉක්මනට බොරුවක් ගෙතුවා

"ඔව් නදී දුවේ මේ දෙන්නා ආවෙ ඔයාට කොහොමද බලන්න ඔයාව accident වුන තැන ඉදන් එක්කගෙන ආවේ "

"මොකක් accident "

නදී එයාගෙ අත් පය ඇග අල්ලලා බැලුවා තුවාලයක් නම් තේරුනේ නැහැ ඒත් ඔලුව ගොඩක් රිදුනා ඒ වගෙම එයාට ලොකු වෙනසක් එයාගෙ ශරීරේ ගැන දැනුනා

" නැන්දේ ඇයි මගෙ ඇග අවුරුදු 20 පැනලා වගේ තියෙන්නෙ මන් accident එකෙන් ගොඩක් කල් සිහිය නැතුව හිටියද "

ජයනිට කට උත්තර නැහැ ඒත් ආයෙ හිතුවා බොරුවක් කියන්න නදීගෙ හොදටනෙ කියන්නෙ

"ඔව් දුවේ ඔයා අවුරුදු 6 වගේ කෝමා එකක හිටියේ අද තමයි ඒ කෝමා එකෙන් මිදිලා ආවේ"

"වාව් මරු නේ ඔහොම ඉන්න අම්මා කෝ එයා දැනගත්තද මන් accident වුනා කියලා මන් කෝමා තත්වෙට ආවා කිව්වහම ගොඩක් දුක් වෙලා අඩන්න ඇති නේද "

"ඔව් අම්මා හොදටම ඇඩුවා ඒත් "

"මොකද නැන්දෙ වුනේ "

"අම්මා ජීවතුන් අතර නැහැ"

" විහිලු කරන්න එපා හොදේ මන් එකපාර ඇහරුන ගමන් ඔහොම බයානක විහිලු කරලා මාව අඩවන්න එපා හොදේ "

My Teacher || GL ||Where stories live. Discover now