01

3.2K 209 31
                                    

"මචන් අද හෙඩ් බෝඩ් එක සිලෙක්ට් කරනවාලු" වැසිකිළි පද්ධතියේ සැප බලන්න ගියපු යෙහාන් මගේ ළගින් වාඩි වුණේ ආයෙ පැය ගාණකටවත් නැගිටින්න බෑ කියලා දැන දැනමයි.මේ තියෙන වැඩ කවදා ඉවර කරගන්නද..

"ශෙහාන් කාරයා හෙඩ් වෙන්නෙ නැතුව ඕනෙ ලබ්බක්. ඒකා හෙඩ් වුණා කියලා මට ප්‍රශ්නයක් නෑ. ඒත් එපා.ඇයි වදේ"

කහ පැන්සල කටේ ගහගෙන මටත් වෙන වැඩ නෑ වගේ හරි බරි ගැහුනේ වැඩ පැත්තක දාලා ශෙහානයාගෙ කල් කිරියාව දෙසාබාන්න.මොකෙක් වත් නැති බයෝ පන්තියේ පළවෙනි පේළියේ අපි වාඩිවෙලා හිටියේ 'දෑස් ' කියලා අපේ ඉස්කෝලෙන් දෙදරන්න දෙන සංගීත ප්‍රසංගයේ මූලික ව වෙන්න ඕනෙ වැඩකිඩ ටික බලන්න ලෑස්ති වෙලා.

" මේක කියපන් ,අර කිරිපට්ටියේ හෙන්චයියලා ට වඩා ඌ හොඳ නැද්ද. උඹලා දෙන්නට උඹලා දෙන්නව පේන්න බෑ.එච්චරයි.මෙලහකට ඌට උඹව පෙන්නන්න පුළුවන් ඇති"

"ඒත් බන් මොන එහෙකටද මන්ද මට ඌ මට වඩා ඉස්සරහින් ඉන්නවා පේන්න බෑ. "

"ඌ හෙඩ් වෙන්නෙ නෑ. හැබැයි බෝඩ් එකේ ඉදි. හිදුවා හෙඩ් වෙන්න තියෙන ඉඩ වැඩි . උඹ මොකා වෙයිද.උඹටත් හෙඩ් වෙන්න ඇහැකි"

"අනේ"

මගේ මූන ගොරක ලෙල්ලක් වගේ ඇති.ඒත් මට හෙඩ් වෙන්න බෑ.

" අනේ මටත් බෑ හෙඩ් වෙන්න. ඩිපියුටි නම් ඔන්න ඔහේ කමක් නෑ. "

මදිපාඩුව;මගෙ බොක්ක ; හිදු ආවෙ අපෙ සප්පායම් අරගෙන.

"මම හෙඩ් වෙලා උබ ඩිපියුටි උනොත් මම උඹය මරවගෙන වැඩ ගන්නවා. ගෙදර දිත් මගෙ වැඩකාරයා"

කෙළ පිරුන කහ පැන්සල පැත්තක දාලා මම කිව්වම හිදුවා කරවුන කොස් කොලයක් තරම් වත් ඒක ගණන් ගත්තේ නෑ, ඒවත් පොහොරට හරි ගන්නවා නේ.

හිදු හොඳ එකා, අපිට කන්න අඹ මල්ලකුයි බොන්න මයිලෝ පැකැට් ටිකකුයි උස්සන් ඇවිත් පරිසර හිතකාමි ස්ට්‍රෝ එක ගහලම මට දුන්නා. ආදරේටනේ.ඉතින් බැලුවම කොහොමත් ඌ මගෙ වැඩකාරයා තමා.

" ශෙහ්..."

"ඉදා කාපන්. උඹට වෙන නමක් නැද්ද යෝජනා කරන්න."

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now