42

445 60 27
                                    

මිහිදුම් පොඩි කාලේ ඉදලම මෙහෙ හිටියා නම් මමත් මෙහෙ ඉදීවි..හුරුබුහුටි පුංචි පවුලකට ලස්සනම තැනක් කියල මට තත්පරෙන් තත්පරේට හිතෙන්න තරම් මිහිදුම්ගෙ ගෙදරදැන් තවත් ලස්සනයි..එළියෙ ගේට් එකෙන් ඇතුල් වෙනකොට රෝද පාර ඇරලා වවපු තණකොල කෙළවරක ගරාජ් එකක් හදලා ඒකෙ උඩ හදාපු මේ අපූරු පුංචි ගෙදරට ඉර එළිය හැමවෙලාවෙම එන එක අහන්නත් දෙයක්ද... දෝතුලු පඳුරු තව ලස්සන පොඩි පොඩි ගස් එක්ක තාප්පෙන් වෙන් වෙලා දෙපැත්තෙ තිබුනේ වාහන ස'විස් සෙන්ටර් එකකුයි තනි තට්ටුවක ක්වාටස් එකකුයි.. ඉස්සරහ ගෙදරත් තනි තට්ටුවේ ටිකක් ලොකු ගෙයක්.. උන් හෙනට බිසි ඉතින් ඕපාදූප හොයන්න එහෙම වෙලාවක් නෑ.

අපි සේරම ඕපාදූප හොයාගෙන හතට විතර 'මහ ගෙදරට'  එන්න ආවා.

"කාගෙද මේ සපත්තු."

"මල්ලිගෙ වත්ද දන් නෑ..හැබැයි ලොකුයි වගේ"

ගේ ඇතුළට එනකල්ම සද්ද නැති තැන අලුත් සපත්තු ජෝඩුවකුත් රැක් එක ළඟ ගලෝලා දාලා. අම්මට කතා කරාට මීක් නෑ..අපි කුස්සියේ ලයිට් එක දාලත් නැති තැන උඩට ආවා.

"අහ්... ආවද.. ශෙහාන් ආව පුතාලා... කැරකිල්ලක් ඇවිත් නේ"

"ඒ ඇයි..මොකෝ වෙලා තියෙන්නේ"

"බස් එකේ එනකොට ඇවිත් තියෙන්නේ..මෙතන බැහැලා  මට කෝල් එකක් දුන්නා.. ඔයාලගෙ කාමරේ ඉන්නේ. වෙලාවට එච්චර අමාරුවක් නෑ.මං මේ බත් කැඳ එකක් හදන්න කියලා"

"මාත් බොනවා"

"ඔව් ඉතින් යාලුවාට ලෙඩ උනාම වටේ උන්ටනේ මස් දාන්නේ." 

"මං බොන්නෑ..මං බත් කනවා."

"හොඳ දෙයක් බොන්න එපා..යන්න ශෙහාන් ඇතුළේ"

ශෙහාන් ට හදන කැඳ එක මිහිදුම් ටත් ඕනෙ කිව්වම අම්ම ශෙහාන්ට දුන්න වතුර එකේ හිස් වීදුරුව අරගෙන පහළට ගියා. අපි කාමරේට එනකොට මූ ඇඳේ නිදි.

"මොකෝ බං උනේ"

"හාපෝ ආවද. මංඟල ජෝඩුව"

"දපනේ දැම්මට වාචාල කට නම් තියේ උඹෙ"

මං ඇඳේ වාඩි වෙනකොට මිහිදුම් ඇඳේ මැදටම ගිහින් එරමිණිය ගොතාගෙන වාඩි වුනා. අමාරු ඇති හොර ගෑනිට ලෙඩ උනාම.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now