51

471 49 44
                                    

" ශූහ්.. කට පොඩ්ඩක් වහගන්න ළමයා"

"සිරාවටම ලස්සනයි"

" yeah .You are lucky to have such an artistic lover dude"

"absolutly dear !"

" do you have anything to give me as a reply"

"ම්ම්.."

"ආහ්හාඅහ්හා...තැන්ක් යූ තැන්ක් යූ"

දෙසැම්බර දෙවෙනි සතියේ දවසක මිහිදුම් නැගිටින්න කලින් ඉස්සරහට ගෙදර ජෙසිකා අත්තම්මයි ලෝරෙන්ස් ලොකුඅත්තයි මේ ටිකේම පරිස්සමට බලාගත්ත නත්තල් ගහ උස්සගෙන ඇවිත් උඩම ෆ්ලෝ එකේ තියලා එයා නැගිට්ටම නිදිමතේ එක්කන් ඇවිත් සප්ප්‍රායිස් කියලා කියලා ඒක පෙන්නුවම ටික වෙලාවක් යනකල් මිහිදුම් කටත් ඇරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන ලයිට්ස් දැම්ම නත්තල් ගහ දිහා බලාගෙන හිටියා.. මම කටට පිඹලා එයාගෙ ඉස්සරහට ඇවිත් කටවටේ අත දාගත්තා..පස්සේ ප්‍රතිඋපකාරයක් විදිහට චූටි චූටි හාදු ටිකකුත් ඉල්ලාගත්තා.

" මේක ඩෙකරේට් කරේ කොහෙ තියලද"

"ජෙසිකා අත්තම්මලාගෙ ගෙදර තිබ්බේ අනේ..අපි තුන් දෙනාම ඩෙකරෙට් කරේ..අද ,නෑ හෙට එහෙ ක්‍රිස්මස් ගහ ඩෙකරේට් කරන්න යමු..එහා ගෙදර නංගි අක්කයිත් එනවා කිව්වා."

"මෙයා බලන්නකො..මට පුප්ප පුප්ප ඉදලා දැන් ඒ ඔක්කොම නළවනවා."

"අසල්වාසීන්ට ප්‍රේම කරන්න ඕනෙ කියලා දන්නැද්ද"

"පුහ්.. ලස්සනයි ඇත්තටම.මේ පෙට්ටි වල මොනවද..ඇයි මේ දර"

"අයිශෝ..දර තියලා තියෙන්නේ සෝබනේට අනේ..කලාවක් ඇත්තෙම නැද්ද.. එතකොට පෙට්ටි ගැන කිව්වොත්  ඒවට තෑගි දාන්න අනේ..අදින්න එපාආආ.. තියන්න තියන්න..ඔව්ව බාගෙට ඇලෙව්වේ තව වේලිලා නෑ "

"මෙහෙ ගෙදර ට්‍රී එකක් තියෙනවා..මේක මෙතන හැමදාම තියමු..ඒක හදලා සාලෙන් තියමු ..කමක් නැද්ද"

"හා හා..මම මේක පහළ තිබ්බේ නැත්තේ ඔයා මොකක් හරි කරයි කියලා තමා"

"ඒක අම්මලාගෙ කාමරේ ඇති එන්න.."

මම මිහිදුම්ගෙ කොණ්ඩෙ හද හද එයාගෙ අම්මගෙ කාමරේට ආවා..මම කාමරේට ආව දෙවෙනි පාර ද කොහෙදෝ මේක.මේ කාමරේ තියෙන්නෙ අපි ඉන්න එකට විරුද්ධ පැත්තෙ නිසා එච්චර යැවෙන්නේ නෑ..අතුගාන්නත් හැමදාම ඕනෙ නෑ නේ.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now