43

435 57 29
                                    

" මල්ටිප්ලෙක්ස් එකේ කතුරු මිතුරු යනෝ"

"බැහ්"

"විසාල කරදයක් වුණානේ මේක..කරන්න වැඩක් ඇත්තෙම ඇද්ද"

"තියේ.. බොන්න ඕන දොඹෙන් යන්න"

"පියා යවයි උඹෙ හොම්බෙන් "

"හිතපන්කො මොකක් හරි කාලකණ්නි වැඩක් "

අපි හිටියේ ඉර බැස යන මද උණුහුමේ view point එකේ බටේට හේත්තු වෙලා. අපි කියන්නේ after A/L හැත්ත. එක එක අදහස් ආවත් ලස්සන කාලකණ්නි වැඩක් නැතුව අපි ඔහේ බහින ඉර දිහා බලාගෙන හිටියා.

"යමන් ගෙදර දැන්..හෙට උදේ නම් යකෝ නිදි යනවා මං මැරිලා වගේ. හිතපන්කො එලාම් එකක් වත් නැතුව නැගිටින්න යන්නේ අවුරුදු කීයකින්ද"

"සිරා ඕයි..අපේ ගෙදර අය මං මැරිලා කියලා කෝල් එකක් දුන්නොත් ගනන් ගන්න එපා ඈ"

"ශෙහාන් කවද්ද යන්නේ උඹ"

"හෙට උදේ"

"අනේ මේ..මගුලක් ...ආ කමක් නෑ..උඹ පල හැබැයි අපිව...විශේ~ෂයෙන් මට යන්නම් වත් ඕනේ නෑ.රෑ වැදලා නිදියපන්"

"පලෑන්ට..අඩො දැන් මං කෑම්ප් එකට යන්න නුවර බඩගාන්න ඕනේ නේ"

"ආ ඔව්..මං නිකන් අයියා කෙනෙක් ට කෝල් එකක් දුන්න.. අනිද්ද වගේ මං යනවා. උඹලා එන්න ලබන සතියේ වගේ"

"මොකද දැන් කරන්න යන්නේ."

"බලමු..හරියටම දන්නේ නැතුව කියන්න බෑ බං"

කලුවර වැටීගෙන ආව හින්දා අපි පල්ලම් බැහැලා දවසේ විසි වෙනි අච්චාරුවත් සහස් උයනෙන් අරගෙන ගෙදර ආවා. ගෙදර ආවා කියලා ඇති වැඩක් නෑ... පෙම්වතා ගෙදර හිටියට සත පහක වැඩක් නෑ... ඌට මාව පේන්නේ නෑ.. අම්මපා -

"මෙහ්..උඹ මට නොකියා මට බූටක් තිබ්බද"

"මොකද්ද ඒ හරුපේ"

"එක්කෝ මාව පේන්නේ නැති තරම් ආදරෙන් අන්ධ වෙලාද"

"අන්ධ කියනකොට මතක් වුනේ. මේ චෙනෙත් උඹෙ ඇස් පෙනීම අඩුද බං"

"පිස්සුද ඩාලින්..හොඳට පෙනේ .මොකද්ද අවුල"

"නෑ.. උඹ බස් වල බෝඩ් එහෙම ඇස් හීනි කරලා බලන්නේ ඇයි..මං දවස් ගානක්ම දැක්කා.අවුව නිසා නෙවෙයි"

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now