22

487 72 46
                                    

තුනේ සීට් බස් එකක් එනකන් වැනි වැනී ඉදලා ඒකට නැග්ගා.වාඩි වෙන්නත් නෑ . එච්චර සෙනඟ නැති වුණාට මිනිස්සු දහයක් පහලොවක් හිටගෙන හිටියා. ඒක කරල්ලිද්දක් නිසා දිගනේ බැහැලා  ආයෙ යන්න ඕනේ නෑ.දිගටම යත හැකි. මම උඩ පොල්ලෙ එල්ලිලා හිදුවට ජැක් එක ගහගෙන ගමනෙන් හතරෙන් එකක් විතර ආවම  මට විතරක් වාඩි වෙන්න සීට් එකක් හම්බුනා. ඒක ඉතින් මට වාඩි වෙන්න නෙවෙයි, දුක හිතෙන විදිහට හිදුවා දිහා බැලුවම මට වාඩි වෙන්න කිව්වා. ඌටත් මහන්සි.. රැක් එකේ තිබ්බ බෑග් දෙකයි බ්ලේසර් දෙකයි ඔඩොක්කුවට දීලා හිදුවා මට එහා පැත්තෙන් හිට ගත්තා.

පිටිපස්සට ඔලුව තියාගන්න බෑ කොයි පැත්තට වැටෙයිද දන් නෑ. අනිත් පැත්තේ ඉන්නේ සුදු මහත්තයෙකුයි සුදු අම්මෙකුයි.. සුදු මහත්තයගෙ කරට වැටුනොත් සුදු අම්මි මෙතන යකා නටයි . අපෙ වයසමද මන්දා. ඉතින් කරන්න දෙයක් නෑ මට සිද්ද වුණා අට හිටගෙන ඉන්න මගෙ මනුස්සයාගෙන බඩේ ඔලුව තියාගන්න. මට සෙට් වෙන්නේ බඩ නෙවෙයි, යටි බඩ..මම උපරිම කෙලින් වාඩි වුණත් මගෙ ඔලුව ගානට සෙට් වෙන්නේ මුගෙ යටි බඩට..මට නිකන් කිචි වගේ..උඩ බලන්නත් බෑ...මම ඇස් දෙක පියාගෙන මේ එහා පැත්තෙ සමයන් දෙක බහින්න කියල යැද යැද ආවා.... 

අනේ බැස්සා... මුන් අල්ලපු ගෙදර ජෝඩුවක්ද දන් නෑ එකම තැනින් බැස්සා.. මම ජනේලේ අයිනට ගියාම හිදුවා මගෙ එහා පැත්තට ආවා. හිටගෙන හිටපු අංකල් කෙනෙක් අපි ළඟ වාඩි වුණා..හිදුවට දාඩිය දාලා මූණත් එක්ක රතු වෙලා තිබ්බ නිසා අර කොමළ දෙක වහගෙන ආව ජනේලෙත් ඇරියා.. එව්වා අරින්න යෝධ බල ජවය ඕනේ... 

මම ආයෙම සීට් එකේ පිටිපස්සට ඔලුව තියාගත්තා.. නින්ද යාගෙන යාගෙන එනකොට මගෙ ඔලුව වැදුනා...ඇස් ඇරියම තේරුනේ හිදුවගෙ ඔලුව මගෙ ඔලුවේ වැදිලා.වාඩි වෙලා විනාඩියක් ගියේ නෑ මූ නිදි. මම මගෙ ඔලුවත් එයාටම සෙට් කරගෙන අර ඔලු බද්ධ ළමයි දෙන්නෙක් වගේ නිදාගත්තා.

"ළමයි..."

"ළමයි... ඔයාලා කොහෙද බහින්නේ..."

මම යන්තන් ඇස් ඇරලා බලනකොට කොන්දා ඇවිත් අපිව ඇහැරවනවා. හිදුවට තට්ටු දාලත් ඌ නිදි,

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now