06

870 100 13
                                    

"නැගිටපිය"

"එක තැනක නිදාගනින්කෝ එක්කෝ සී සී කඩ , නැගිටිනවා හිදුවා"

"උබල වෙන්ස්ඩේ බලල තස්ඩේ මෙතන අපි නටන්න ඕනෙ නැගිට්ටවන්න. නැගිටපන් ගිලින්න."අර කලින් එකක් වත් ඇහුනේ නෑ වගෙ ඉදල අන්තිම එකට මම නැගිට්ටා.

"ශෙහානයාආආ , දැන් මම අතාරිනවා මේ වතුර එක" නැගිටින්න හිටියේ ශෙහාන් විතරක් වුණාම මම අත ළඟ තිබ්බ බත් පෙට්ටිය ඇරල කන්න පටන් ගත්තා.

"අහකට පල උදේ ඉදල පච ඇදබාල අපිට බඩගිනී" අකිතයා ඔක්කොමලම නැගිට්ටවගෙන කන්න වාඩි වුණා.

" මේ පිසික්ස් මැඩම් ට කිව්වේ උඹලා ඉස්කෝලෙ නෑ කියලා." මනුත් ජනේල් ඇරල ඇවිත් වාඩි වෙනකොට එක කෑම එකක් ඉවර කරා .මටත් නිදාගෙන හෙන මහන්සි.

"හරි ඊළඟ එකට පන්තියට ගිහින් එහේ නිදා ගමු" මම අනිත් කෑම එක අරගෙන කිව්වා.

"යන්න බෑ මට පොතුත් නෑ" ශෙහාන් වතුර උගුරක් බීල කිව්වා.

" මොනවද තියෙන්නේ ආයේ"

" පිසික්ස් වෙන්න ඕනෙ අන්තිම ටික මැත්ස්"

"ආ මුන් ළඟ ඇති ඔය මොනවා හරි ලියලා පොත් ඒ..."

"මගුල අපි ඉල්ලගත්තේ එහා පන්තියෙන්"   අකිතය එහෙම කිව්වම අපිට පොඩ්ඩක් හිනා ගියා . ඇත්තටම මේ ඒලෙවල් පන්තියේදි එක ළමයෙක්ගේ පොතේ විවිධාකාර අකුරු තියෙනව. පොඩි කාලේ අච්චු පොත් ඉල්ලුවට මෝරනකොට ඉල්ලන්නෙ කෙලින්ම ලියන පොත්.

" ආ.. පොතක් හොයාගමු" හිදුවා කිව්වා.

"අද හවස මොනවා කරයිද බොලාලා" මනුත් කතාව මාරු කරාම අපි ළඟ තිබ්බෙ සාමකාමි නිශ්ශබ්දයක්.මට උදේ නැගිට්ට ගමනුත් ඒක මතක් වුණෙ. අපි කෑම්ප් එකකට යනවා කිව්වම ඉතිං.

"ගිහින් බලමු" මම උරිස්ස අකුලලා කිව්වම ආයේ කට්ටිය කන්න පටන් ගත්තා. ඉන්ටවල් එක පැය භාගයක් නේ බත් පෙට්ටි කීයක් කන්න පුලුවන්ද .ඇච්චො කාලේ නම් එක බත් එකත් කටට දෙකට ගිලලා පිට්ටනියට දුවනවා දැන් යන් නෑ. සමහර අය නම් ගිහින් එක එක සෙල්ලම් කරනව. මේ වෙලාව තියෙන්නේ කන්න  විතරක් නෙවේනේ.  

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now