12

521 76 10
                                    

" ඩස්බින් එකට දාන්න එපා බල්ලෝ. විහික්කරපන් එහා වත්තට"

"එකක්වත් නෑ නේ තව අප්පා"

කැහිල්ලට කපපු බාහෙට ඉදිල තිබ්බ අලිපේරෙ උස්සන් හිදුවා අල්ලපු වත්තට විසික්කරන්න දිව්වා.
අලිපේර කියන ආගමේ ශුද්ධ භක්තිකයන් වෙලා හිටපු මමයි හිදුවයි ඉරිදා උදේම ඔට්ටු වුණේ අම්මට කව්රු හරි එවලා තිබ්බ අලිපේර ගෝනියක ඉදුනු ගෙඩි හොය හොය. තලලා තලලම එබුන ගෙඩියක් කපල බැලුවම පට්ට අමුයි. එක පාරකුත් ඔව්වා ඔබල තලන්න එපා කියල බැනුම් අහල හිටපු මමයි හිදුවයි මේ අලුත් අමු එක අල්ලපු වත්ත, ඒ කියන්නේ අර අපෙ ගේ ඉස්සරහ තියෙන බාලිකාවේ ක්‍රීඩා පිටියට විහික් කරලා කාමරේට ආවා එන්න.

'හිත බැඳි ස්නේහවන්ති නුඹ' යනවා මල්ලිගෙ කාමරේ. ගෙදරට ඇහෙන්න දාන්න නම් ගැන්සියක් ඉන්න ඕනේ. නැත්තම වෛද්‍යතුමිය බෙරිහන් දෙනවා කනට ඇහෙන්න දාගන්න වට පිටේ අයට අහන්න ඕනෙ නෑ කියලා.කට්ටිය ඉන්නව නම් අවුලක් නෑ.

"ප්‍රයිස් ගිවින් එක ගැන කන්නංගර සර් කිව්වා නේ" මම හිදුවගෙන් ඇහුවේ අපෙ ඊළඟ නැහිල්ල ගැන.

"ඔව්.. එයාලා නම් ටික හදනවා කිව්වා. චීෆ් ගෙස්ට්ව කන්ටැක් කරගන්න ඕනේ"

"වාසනා මෛත්‍රී හේරත් නේද" පෞද්ගලිකව එ මමත් ආස කෙනෙක්. හරිම ලස්සනයි වගේම හරි හොඳයි.

"ඔව්. නම්බර් එක හම්බුනා නේ"

"ඔව් ඔව්..මම හවස කෝල් එකක් දෙන්නම්. කලින් කියලා තියන්න ඕනේ.දවස ගැන අහල අපෙ ෆන්ශන් එක එහාට මෙහාට කරගන්න හරි ඕනෙ නේ"

ඒකෙ වැඩ වලට කට්ටිය බෙදල අපි පාඩම් කරන්න පටන් ගත්තා. දවල් වෙනකන් පාඩම් කරාම හිදුවට නුවර යන්න ඕනෙ වුණා එයාගෙ සිම් එකේ මොකද්දෝ එකක් වෙලා මොබිටෙල් එකට යන්න. මාත් ගියා මොනව හරි අරන් දෙයි කියල.දුන්න තමා සෝය එකෙන් අයිස් ක්‍රීම් අරන් දුන්නා. මම ඒකට පට්ටම පෙරේතයි.ඒත් එක්කම අපි තිබ්බ ගායට කෑම්ප් එකට ගියා. මගෙ ළඟ එක යතුරු කැරැල්ලක් තිබ්බනේ.

"වහින්න වගේ නේ. කුඩයක් නෑ ඉක්මනට යන් ගෙදර"

ඇතුලට ආව ගමන් හිදුවා කිව්වේ අහස බලල. හවස පහ පහු වෙලා තිබ්බට වෙනදට පේන තැඹිලි පාට නුවර අද කලු පාට වෙලා. කෑම්ප් එකේ අපි දෙන්න විතරයි. අපිට ගෙදර යාගන්න බැරි වුණා ඊට කලින් වැස්ස ආවා. හයියෙන් ආව හුළඟ එක්ක වහින්න පටන් ගත්තම මමයි හිදුවයි පැවිලියන් එකට වෙලා හිටියා.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now