03

1.4K 142 25
                                    

වැදගත් දේවල් වලට විතරක් උනත් මට ශෙහාන් එක්ක දවසට විසි තිස් පාරක් කතා කරන්න වුණා,මැසේජ් කරන්න වුණා. කොහොම හරි කරලා අපෙ බැජ් පළදපු උත්තවේ උත්සවත්ස්‍රීයෙන් පැවත් වුණා. කුනක් අහගන්නේ නැතුව පළවෙනි ඉනිම පැන්නා.දැන් අපි නිළ වශයෙන් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයො.

උසස් පෙළ සාමන්‍ය පෙළ ළමයින්ට ලැප්ටොප් එකක් වුණත් ඉස්කෝලෙට අරගෙන එන්න පුලුවන් වුනාම උසස් පෙළ ළමයින්ට විතරක් පෝන් එකක් අරගෙන එන්න පුලුවන් වුනා. ගන්ජා මත්කුඩු මත්පැන් වගේ දේවල් ඉස්ක්කොලෙන් තවම අහු වුනේ නෑ, මොකද ඉස්කෝලෙ අහු මුලු වල cctv කැමරා තියෙන්වා. ඒ වගේම තව විෂේශ දෙයක් තියෙනවා. අපෙ ඉස්කෝලේ ඇතුලේ ප්‍රේම සම්බන්දයක් පවත්වාගෙන යන්න ඕනෙ නම් ඒක ගෙදරට කියන්න ඕනේ. ගෙදරින් අවසරය තියෙන්න ඕනෙ වගේම ඉහළ මට්ටමේ ලකුණු ගන්න ඕනෙ. ඉතින් අපෙ ඉස්කෝලෙ කෙල්ලෙක් දාගන්නවට වඩා අපෙ කොල්ලො කැමති නුවර බාලිකා පාසල් වල කෙල්ලෙක් දාගන්න .ඒත් අර කිරිපට්ටියේ කෙනෙක් එක්ක අපෙ ඉස්කෝලෙ කෙනෙක් යාලු වෙලා ඉන්නවා කියලා ඇහෙන එක ජීවිතේට වෙන්න බැරි දෙයක්.

"දෑස්"

"එන්න අපි යමු ඊලග වැඩේට" බ්ලේසර් එකේ බැජ් එක ගලවලා කමිසේ උඩ ඉදලා තුන් වෙනි බොත්තම ලගින් ගහගන්න ගමන් මනුත් කියනකොට අපි ඔක්කොම ප්‍රිෆෙක්ට් රූම් එකෙ සී සී කඩ අහු වුණ පුටු වලට බර උනා.

"රෙද්ද ,කාල ඉමු"

මම කිව්වා නේද මෙයාල හරි නිස්කලංකයි කියලා. මම ඒක ඉල්ලා අස් කරගන්නවා. මෙතන කට වහගෙන ඉන්නේ හිදුවයි ශෙහානයයි විතරයි.අනේ මගෙ හතුරයි මිතුරයි.

"දැන් ඒක හරි නේ .මට මේක කියපන් අපි දැන් සිසී ව ටෝක් කරන්න පටන් ගමුද. මම කියන්නේ අපි එයාට ඇගට පතට නොදැනී කියමු එයා බලාගන්න හාවෙක් ඉන්නවා කියලා"

"ඔව්ව්ව් . ඒත් එයා සලකන්නෙ උබට අයියා වගේ නේ"

"ඉතින් මූ නංගි වගේ සලකනකොට ආයෙ"

"ඕනේ එකක් කරගන්න"

මම දන්නෑ.උඹලා දන්නෙත් නෑ මට හිතෙන දේ. මටත් ඕනෙ එයාව ළඟින් තියාගන්න ඒත් මට ඒක කරන්න බෑ. එයාටම මාව ඕනෙ වෙන දවසක් එනකන් මම ඉන්නවා ඇරෙන්න මගෙ ළඟ වෙන උත්තරයක් නෑ.සිසී මම ආදරය කරන එකම ආත්‍මය. මම දන්න කාලෙක ඉදලා එයාගෙ ඇත්ත නම කියලා නෑ,එයාගෙ නමේ ස අකුරු ගොඩක් තියෙන නිසා එයා අපි හැමෝටම සිසී උනා.එයා ජිම්නාස්ටික් කරනවා මම කරන නිසා.ඒ වගේම හිදුවා නිසා එයා බැඩ්මින්ටන් කරනවා.අපි තුන් දෙනා හැදුනේ එකටමයි.එකම ගෙවල් වල ඇත්ත සහෝදර සහෝදරයෝ තුන් දෙනෙක් වගේ.හිදු..එයාගෙයි මගෙයි අතර තියෙන බැඳීමට නමක් නෑ. එයා ලෝකෙටම නිහඩ පුද්ගලයෙක්.ඒත් සිසී මම විතරක් ඉන්න තැන එයා අපිටත් වඩා කියවනවා.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now