54

363 39 29
                                    


"අභිශේක්"

"කොහෙද ගියේ.. ම්ම්.. මේ ඇදුමෙන්..බයික් එකේ"

"මම.. "

"මම උදේ මොනවද කියලා ගියේ.. ඈ..දොරවත් අරින්න එපා කිව්ව නේ..මෙහෙ එනවා ඉතින් ඔතෙන්ට වෙලා ඉන්නෙ නැතුව"

ශෙහාන් කිව්ව හරි මම නොදන්න මිහිදුම්ගේ සයිඩ් එකක් තියෙනවා. අද නදිව් ට බැන්න විදිහට මම එහෙම දරුණු මිහිදුම් කෙනෙක්ව දැක්කමයි..ඒ වගේම දැනුත්.. මට රවාගෙන කියලා නැගිටලා ගේ ඇතුළට ගියා.. එයා ගිහින් ටිකකින් මමත් දොර වහගෙන ඇතුළට ගියා.. මට ඇඟට මෙලෝ වේදනාවක් දැනෙන්නේ නෑ..ඇඟ හිරිවැටිලා වගේ..ඊයේ රෑ මේ වෙලාවට හිතේ තිබුන දේට හාත්පසින්ම වෙනස් දේවල් අද වෙනකොට මට හිතෙන්නේ මේක හීනයක් ද කියලා...

"ගලවනවා ඔය ඇදන් ඉන්න එක"

එක්කො මේක එක වසරේ පන්තියේ දී කාලා මේ උඩ නින්ද ගිහින් දකින හීනයක් උනා නම් හොඳයි. මිහිදුම් සෙටියට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන මට 'අණ ' කරා. මම බෙල්ල නවාගෙන මොකුත් නොකර හිටියා.

"බීරිද.. කිව්වම අහල ගලවනවා..මම ගලවනකල් ද ඉන්නේ"

සද්ද නැති සාලේ එක පාරට මිහිදුම් කියවන්න පුලුවන් හයියෙන් කතාකරාම මම ගැස්සිලා ගියා. හෙමින් හෙමින් ෂ'ට් එක අයින් කරලා කලු පාට වෙස්ට් එක තියාගෙන කලිසමේ බෙල්ට් එක පැන්නුවා.. ඩෙනිමත් ගලවලා දාල එතනින් එහාට ගලවන්නේ නැතුව මම අඩියක් පිටිපස්සට වෙලා එක අතක් නවාගෙන නිකන් හිඟා කන්න ඇවිත් වගේ හිටගත්තා.

කොච්චර හොඳ රෙද්දෙකින් මැහුවත් මිහිදුම් කලු බැනියම ඉරලා දැම්මා.. මට මිහිදුම්ගේ මූණ බලන්න තරම් ශක්තියක් නෑ..මම බිම බලාගෙන හිටියා.එයාගේ දබරගිල්ල ඒ හැම පැල්ලමක් ළඟම අරන් ඇවිත් මගෙ උරහිස් වලින් අල්ලගත්තා.. එයා බිම බලාගෙන.. කහ පාට පොඩි ලයිට් එකෙන් විතරක් එළිය වෙච්ච සාලෙ ඔරලෝසු කටු වල සද්දේ ඇරෙන්න වෙන කිසිම සද්දයක් නැහැ..

"චෙනෙත්... පරිස්සම් වෙන්න... කියන දේ අහලා .. මම ඒක විතරමයි ඉල්ලන්නේ.. මගේ මුලු ජීවිතේටම මට මගෙයි කියලා ඉන්න එකම කෙනා උඹ..මම නොමැරී ඉන්න උඹව පාවිච්චි කරනවා නෙවෙයි..මට මගේ දේකට වේදනා දෙන්න බෑ බං.. හරි වේදනයි.. උඹට හීරීමක් හරි වෙනවයි කියන එක මටත් හරි වේදනයි.. උඹට බඩගින්නට බඩ කෑගහන එකත් මට හරි වේදනයි.. උඹ මොන වැරැද්දක් කරත් උඹ මොන හිතුවක්කාරකරමක් කරත් මම කටවහගෙන ඉන්නව නේ..කියනව මෙහෙම ගෙදර එනකොටත් මට කටවහන් ඉන්නද කියන්නේ..ඒත් මම උඹට මොකුත් කියන්නෑ මේක කරපු ඒකාවයි සින්නත්දූලි කරල දාන්නේ.. උඹ මොන තරම් වැරැදි කාරයෙක් වුණත් මට කමක් නෑ මට ඒව වැඩක් නෑ....චෙනෙත්... මගෙ ඉස්සරහර උඹ මගෙ චෙනෙත් විතරමයි "

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now