17

452 67 14
                                    

වැස්සත් එක්ක පුරුදු දෙසැම්බර් නිවාඩුව දුන්නම ගේ අස්සටම වෙලා ඉන්න නම් බැරි වුණා. පොඩි කාලේ නම් අප්‍රේල් නිවාඩුවයි අගෝස්තු නිවාඩුවයි දෙසැම්බර් නිවාඩුවයි කියන්නේ ඉතින් උදේ ඉදලම අපි ඉන්නේ ටීවි එක ළඟ. ඔන්න පවුල් වල කට්ටිය කොහෙ හරි යනවා  කියලා ට්‍රිප් එකක් දාගත්තොත් සේරමලම මූණ බෙරි කරගෙන තමා යන්නේ. හැබැයි ගියාම නම් අල්ලන්න බෑ.

අපිට ඉතින් හිම නැති වුනත් නත්තල තියෙනවා වැස්ස එක්ක. අපෙ ගෙදරත් නත්තල් ගහක් ලස්සන කරනවා , නත්තල් කේක් හදනවා තෑගි දෙනවා. අපි බෞද්ධ වුණාට හිදුවා ක්‍රිස්තියානි.. එයා අපිත් එක්ක වෙසක් පොසොන් සමරනවා වගේ අපි එයා එක්ක නත්තල් පාස්කු සමරනවා.

හිදුවා  ඉරිදට පල්ලියට යන්නේ නෑ, ඒත් නිවාඩු දවසක යනවා. අද ඉදල ඉස්කෝලෙ නිවාඩු නිසා අදත් අපි පල්ලියට යන්න යන්නේ. නුවර සෙන්ට් ඇන්තනිස් එකට..මේ වගේ තැනක ගේට්ටුවෙන් ඇතුළට එනකොටම අමුතුම හැඟීමක් දැනෙන්නේ.

අපෙ අම්මගෙ ගම මාතලේ. අපි අත්තම්මගෙ ගෙදර ගියාම එහෙ වත්තේ කෝවිලට යනවා . වතුකරේ වැඩ කරන අය, ඒ කියන්නේ තේ දළු කඩන අයගේ ඉදලා ඔය දවසට කුලියක් හොයාගන්න මිනිස්සු සේරම කෝවිලට ගිහින් තමා වැඩට එන්නේ. මම මුස්ලිම් පල්ලියකට ගිහින් නෑ.. මගෙ පැත්තෙන් නම් පන්සලක් පල්ලියක් තරම් කෝවිල කියන්නේ නිස්කලංක තැනක් නෙවෙයි. සද්ද තියෙන්වා, ගෙජ්ජි සද්ද පා සලබ, සීනු මංත්‍ර වගේ එයාලගේ ආගමේ දේවල් එක්ක ඒ තැන වෙනස්ම තැනක්..

හිදුවයි මායි පල්ලියේ ඇතුළු වුණ තැනේ ඉදලාම කතා කරේ නෑ. හිදුවට පුංචි යාඥා පොතක් තියෙනවා. එයා ඒක එක්ක එයාගෙ වැඩේ කරගෙන අපි දෙන්නම ගිහින් ඉටි පන්දම් පත්තු කරා. බොහෝ දුරට අපි මේ වෙනකල්ම තනියම ආව නිසා පල්ලියේ පියතුමා අපිව හොඳට දන්නවා. අදත් අපි පියතුමා එක්ක කතා කරලා එළියට ආවා.ඒවත් එක්කම පාඩම් කරන්න තැනක් හොයාගන්න ඕනේ.. අද ගෙදර ඔක්කොම ඉන්න නිසා අපිට පාඩම් කරන්න මූඩ් එකක් හදාගන්න අමාරු නිසා පල්ලියට ඇවිත් කැෆේ එකක වත් පොඩ්ඩක් හරි පාඩම් කරල  ගෙදර යන්න ඕනේ. ගෙදර හිටියම සෙල්ලම් කරන්න හිතෙනවනේ.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now