38

437 58 24
                                    

මිහිදුම් මගෙ පැත්තට ඔලුව හරවලා මගෙ කෝප්පෙත් අරගෙන උඩ පඩියෙන් තිබ්බා.

"සමහර විට මට වෙනසක් දැනුනේ නැත්තේ ඒක නිසා වෙන්න ඇති"

"ම්ම්..මටත් හිතාගන්න බැරි වුණා නේ"

"ඒක තේරුණාට පස්සෙ ඔයා මෙහෙන් යනවා කිව්වා නේ.හිතාගෙන ඇති යන්න "

"මං හිතන්නේ මමවත් ඔයාවත් 'ගේ' නෙවෙයි"

ඒක මට අලුත් දෙයක්.මම කවදාවත් එහෙම එකක් හිතල නෑ..ගේ..එහෙම නැත්තම් සමලිංගික කියලා අමුතු කොට්ටාසයක් ගැන මට නිකන්වත් මිහිදුම් එක්ක ඉන්නකොට මතක් වුනේ නෑ.

" ඒක..මට..අනේ මන්දා.. ඔව් නේද.. බීසෙක්ශුවල් කියන්නත් . අපි දෙන්නටම වෙන කොල්ලෙක් අඩේ ඌ පට්ට ඇඟ කියලවත් කියලා නෑ නේ. හැබැයි ලස්සන කෙල්ලෝ දිහා නම් අපි දෙන්නම බලන් හිටියා"

"කේසීසී එකේ බැල්කනි එකේ..අනේ ඇත්තට එතන පැනි හල හල ඉදලා එකෙ කෙල්ලෙක්වත් මූණ බැලුවේ නැති වුණාම 'ඕන්ඤැහ් මම ෂිෂී ඉඤ්ඤව' කියලත් කිව්ව නේ නේ"

"අනේ මේ..සිසී කියන්නේ ලස්සන කෙල්ලෙක්. මට තිබිලා තියෙන්නේ ආකර්ෂණයක් වෙන්න ඇති .ඒකත්.. අනේ මේ ඇති"

මිහිදුම් හිනා වුණා.හිනා ව සාධාරණයි මම සිසීව කොහොමහරි බඳිනව කියලා හිතුවේ. අපි කේඩ්‍රාමා එහෙම බලලා ලස්සනට ප්‍රපෝස් කරන හැටිත් හෙව්වා.ශික්කේ...මම මේ කොහෙවත් උන්න ලව් එකක් කරගහගෙන නේ දැන්. ඒත් එක පැත්තකින් මම මේකට කැමති. අඩුම ඕනෙ වෙලාවට තුරුලට ගන්න හරි පුලුවන්. කෙල්ලෙක් ළඟට ගත්තොත් ලඟට ගන්නේ කොල්ලා විනාඩි ගානකින් තාත්ත කෙනෙක් වෙන්නත් පුලුවන්.මං කියන්නෑ කොල්ලො කියන්නේ විසේකාර නැති හැත්තක් කියලා, උනුත් හැඟීම් දැනීම් තියෙන උන් නේ.එහෙම හැඟීම් දැනීම් නැති එකෙක් වෙන්න නම් මං කියන්නේ සිගරෙට් වත් බීපන් අඩුම ලිංගික බෙලහීනතාවයක් වත් ඇති කරගන්න.

"..ඉතින් අපි ගේ නෙවෙයි නම්.." මං මිහිදුම් දිහා බැලුනා. මං කියන්න ගියේ කිසිම තේරුමක් නැති ව වුණත් මුල් වචන ළඟින් මාවම නතර වුණා.

"අපි කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ආදරයක් විතරක් කරනවා ඇති" මගෙ හිත කියෙව්වා වගේ මිහිදුම් ඉතුරු ටික සම්පූර්ණ කරා.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now