19

440 72 25
                                    

 ප්‍රිෆෙක්ට් රූම් එකේ දොර ඇරගෙන සිසී එළියට යනවත් එක්කම එයාව හරස් කරගෙන දොර අල්ලගෙන හිටගත්තේ රක්ෂිත. මාසෙම ත් ඉදලා හොඳටම අත පය අල්ලගෙන ඇවිත් හිටියේ.

" උඹ පට්ටනේ බන් උදේ පාන්දර සැනසුම හොයාගන්න ඇවිත්. හම්බුනාද ඉතින්"

"මේ.. අනුන්ගෙ ඒවා හොයන්නේ නැතුව ඉන්නවකො වදේ"

"අ.අ.අආ.. ඇයි ඒ"

"ලැජ්ජා නෑ නේ.. මම මේක විසඳගන්නම් කියල අතෑරිය නිසා හොඳය පොඩි එකා. නැත්තන් උඹෙ පට්ටමට කෙළ වෙනවා "

"අපරාදෙ නේ ..කෙළවන්න එපෙයි.. සියාරා ඔයා යන්න"

රක්ෂිත හයියෙන් හිනා  වුණා. සියාර රවාගෙන එළියට ගියා.

"සියාරා.. නංගි... මේක උඹට හොරෙන් ලව් කියල දන්නේ නෑ නේ.පරිස්සම් වෙයන් කොයි වෙලේ ඔයාව අල්ලගයිද දන් නෑ මල.. හැබැයි ගෙදරට නම් මූට මිහිදුම් කියන පිප්පියා ඉන්නව නේ.. එයා නැති වෙලාවට තමා ඔයාව ගන්නේ"

"සියාරා ඔයා යන්න"

සිසී පල්ලෙහට යනකොට වුන් ටික මට ඇහැක් ගහලා පහලට ගියා.. සීසී ඕක හිතන්නේ නැති නිසා කමක් නෑ. එයා අහන්නේ නැති වෙයි කියලා මම හිතනවා. මමත් ඒ එක්කම පල්ලෙහට ආවම හම්බෙන හම්බෙන හැමෝම මට හොඳට හිනා වුණා...ඒ හිනාව භයානකයි වගේ නිසා මම වටපිට නොබලම කෙලින්ම දන්න කියන කෙනෙක් හොයාගෙන ගියා.

"අඩො.. චෙනෙත්.. උඹෙ ටික්ටොක් එකක් යනව මෙන්න"

"මොකක්.." 

මට හීන් දාඩිය දැම්මා. ටික්ටොක් කියන්නේ මමයි හිදුවයි එක පාරක් hips don't lie එකට ඉන්න බැරි කමට ඩාන්ස් එකක් දැම්මා.ඒත් ඒක දන්නේ අපි දෙන්න විතරයි. ඕක මොකෙක් හරි දැක්කොත් අපෙ හිප් පුපුරන්න ඇදබායි දෙකක් මුන්ට විසේ කියලා.

"මෙහ්.."

ඒත් ඒක වෙන එකක්.. මම පන්තියේ ජනේලෙ එල්ලිලා බල්බ් එකක් දාල බිමට පනින කෑල්ලකට කැප්කට්  ටෙම්ප්ලේට් එකක් දාල ඒකට වයින් කරපු බෝනික්කි වගේ සිංදුව දාලා.

"මොන මඟුලක්ද බන් මේ"

"අනේ ඉතින් අද ඕක ස්ටේටස් වල ශෙයා වෙනවා උදේ ඉදල"

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now