02

1.5K 175 10
                                    

"රත් වෙනවා බන්" 

"අපිත් ඇති. මොන හෙනයක් පාත් වෙයිද" 

" අනේ සාදු අනුකම්පා කරන්න, ශෙහාන් හෙඩ් කරන්න එපා" 

මම ඉස්සරහ තියෙන බුදු පිළිමෙට වැදගෙන කියාගෙන යනකොට අකිත් කාගෙදෝ වතුර එකක් බීලා ඒක හිදුවට දුන්නා..දැන් මම වතුර බිව්වොත් නම් බෝඩ් එක කියනකොට චූ යයි..

First,

The School Co- Coordinator :

Heshan Adithya Dias

The School Coordinator for the year 2023 is...

Akith Yehan Senawirathna

"අනේ ! " මට සාදු දිහා බැලුනා.

"කෝ ශෙහාන්" මනුත් එක්කම අකිත් කිව්වා... coordinator අකිත් වෙලත් ඌ ට ගානක් වත් නෑ.

And The Duputy Games Captain , Nevindu Dulakshana Waduge

The Games Captain For The Year 2023 is ....

Manuth Liviksha Jayasooriya

"ෆක්... අනේ මට බෑන්ඩ් එකයි.. මළ..."

..So you feel hot? Or butterflies in the stomach??

"මඟුලක් කියනවා..මොකාද මේක දැම්මේ" 

මනුත්ට ගිනි වෙලිලා..  වෙලෙන එක සාධාරණයි.. බෑන්ඩ් එකේ ලීඩ කියන්නේ තියෙන හැම  මගුල් උත්සවයකට අඩුම බටනලාවක් හරි  පුදන්න  ඕනෙ.. බඩු වල පරිස්සම ගැන බලන්න ඕනේ.. ඒවට වතුර බිංදුවක් වත් නැතුව පරිස්සම් කරගන්න ඕනේ..බෑන්ඩ් එකේ එකෙක්ට හරි මොකක් හරි මිස්ටේක් එකක් වෙච්ච ගමන  ඒවට බැනුම් අහන්න ඕනෙ  එකෙක්.. එහෙම එකෙක්ට තව හෙඩ් බෝඩ් එකෙනුත් පට්ටමක් දුන්නම සෙත්තපෝච්චි... මනුත් ආසාව නිසා ඕක බොක්කෙන්ම කරනවා ..මම වගේ නම් ආසව බල්ලට දෙන්න කියලා දමලා ගහලා එනවා.... අපෙ වැරදි වලට නෙවෙයි අනුන්ගේ වැරැදි වලටනේ බැණුම් අහන්න ඕනේ...

Here we go..For the year 2023 Elected as the Deputy Head Prefects...

"මට අහන්න බෑඈඈඈඈ"

හිදුවා කන් වහගත්තා. ඒත් ඇහෙනවා පුණ්‍යා...මාව නම් ඉස්මුදුනේ ඉදලා හිරිවැටිලා.. මට හෙඩ් වෙන්න කිසි උනන්දුවක් නෑ..හැබැයි ශෙහාන් කියන කත්ති විජේ  ඔය බෝඩ් එකේ ඉන්නව නම් මට වෙන්න ඕනේ...

Shehan Sarohara Wickramasinghe and Minidum Abhishek Abeysinghe

අපි කොහොම පුටු වලින් නැගිට්ටද.. ඒ වෙලාවේ මට දැනුණ දේ.. හිදුවා ..මිහිදුම් අභිෂේක් අබේසිංහ කියන්නේ හිදුවා... එයා එක්ක මගේ හතුරා.. මට ඌට ගහන්න හිතුනා...ඌ වැරදි නෑ.ඒත් ඇයි.. ඒ දෙන්නම එකට වැටුනේ...මේවා පූරුවේ පව් නම් අම්මපා ගිය ආත්මෙට ගිහින් දෙකක් ඇනලා මගෙන් අහන්න ඕනේ' තෝ මොනවද බල්ලො ඔය කරන්නේ මම අනිත් ආත්මේ විදවනවා ' කියලා...

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now