25

566 67 34
                                    

" මේක බලමු . මම මුල් ටික බැලුවා. ඒයි නැගිටින්න"

"ම්ම්.. විනාඩි පහක්"

"අහගෙන ඉන්න එහෙනම්.. නිදාගන්න එපා..කෙලින් වාඩි වෙන්න"

"හ්ම් හ්ම්.."

කාගෙ හරි සර් කෙනෙක් ගෙ අපිට කෙළවෙලා තිබ්බ machanic  වල සමහර කෑලි ආයෙම ඉගෙන ගන්න කියලා හිදුවා මගෙ කනේ හෑන්ඩ් ෆ්‍රී එකේ එක කනක් එල්ලුවා. මට නින්ද යනවා හැබැයි . හිදුවා මාව පුටුවේ කෙලින් කරලා ඔඩොක්කුවට කොට්ටයක් දැම්මා..බැරිම තැන මම අහගෙන ගිටියා.. මේක චීන මහාප්‍රාකාරෙට වඩා දිග පාඩමක් මං හිතන්නේ..ලොව දිගම පාඩම  ශ්‍රී ලංකාවෙන්...

සිකුරාදා නෙවෙයි සෙනසුරාදා පාන්දර වෙන්න ගෙදර ආවට එදාම නැගිටලා ක්ලාස් යන්නත් වුණා. මොකෝ අපි ට්‍රිප් ගියා කියල අමුතුවෙන් පාඩම උගන්නවැයි. අනික දැන් ඉරිදට කියලා නිවාඩු දවසක් නෑ.එදාට රිවිශන් යන්න ඕනේ ඒ දවස් දෙකම හරි ක්ලාස් වලට. තව ඒ අස්සෙ බයෝ වලටත් රිවිශන් යන්න ඕනේ. අද ඉස්කෝලේ ගිහින් කෑම්ප් එකෙත් ඔට්ටු වෙලා මේ ඇවිත් ආයෙම ඉගෙන ගන්නවා. අම්බානකට මහන්සි නිදිමතයි. හිදුවට නෑ මට විතරයි.

"පුතාලා ඔයාලා කනවද"

"නෑ.මේ පිසික්ස් ක්ලාස් එකක් බලනවා."

"ඈ.."

"එන්නම් අම්මා.. " මට අම්මා අහපු එක තේරුනේ හිදුවා මගෙ දිහා පිස්සෙක් දිහා බලනවා වගේ අනුකම්පාවක් දාලා බැලුවම.

"ආ..එන්නම්.. යන් අනේ කන්න."

 මම ක්ලාස් එක ස්ටොප් කරලා නැගිටලා ආවා. කෑවට පස්සෙ නම් ඇඳ වඩින්න වඩින්න කියනවා වගේ. ඒත් මේ දෙදාහෙන් පස්සෙ අයින්ස්ටයින් ආයෙම ලැප් එක උස්සන් ඇඳට ආවා.

"උඹ හරි වදයක් බන්..ඕක තියලා නිදාගනින්කො .එක්කෝ අරගෙන මගෙ දෑහට නොපෙනි පලකෝ"

"මට මැරෙනකොට අරන් යන්නනේ"

"මේ..අම්මණිඩි වෙන්නෙ නැතුව පලකෝ වදේ"

"නැගිටින්න... අහගෙන ඉන්න පස්සෙ නෝට් කරමු"

"ඉතින් භල්ලෝ නෝට් කරන දවසේ අහගන්න බැරිද..අනේ..යනවකො වදේ.මට මහන්සි"

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now